gossiplanka alexa පරිසරයට ආදරය කරන වියත්මගේ විද්වතාණන් පොරොන්දු ඉ‍ටු කරයි, කුණු ඇළ දැන් පිරිසිදුයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පරිසරයට ආදරය කරන වියත්මගේ විද්වතාණන් පොරොන්දු ඉ‍ටු කරයි, කුණු ඇළ දැන් පිරිසිදුයි

සුන්දර රටක් ගොඩනැඟීම උදෙසා අතිගරු ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලට උර දෙමින් සියනෑ කතිකාවෙහි නිර්මාතෘ ආචාර්ය නාලක ගොඩහේවා මහතා සමාජ සත්කාරයන් බොහොමයක් සිදු කරමින් සිටිනවා.

බොහෝ පුද්ගලයින් මනාප පොරයට ඇතුල් වෙද්දී ලබා දෙන පොරොන්දු මනාපය ලබා ගත් පසු අමතක කරන කාලයක සැබෑ ජනතා  හිතෛශී මෙහෙවරක් උදෙසා ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ කැපවීම ජනතාවක් ලෙස අප ලද මහත් භාග්‍යයක්. 

කුඩා කල සිටම මහපොළොවෙහි පය ගසා ජීවත් වූ මිනිසෙකු ලෙසින් ජීවිතයේ ලද පන්නනරයෙන් ජනතාවගේ දුක් කම්කටොළු දෙස බලන ආචාර්ය නාලක ගොඩහේවා විද්වතාණෝ දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉ‍ටු කරන සැබෑ නායකයෙක්. ඔහුගේ එම ගුණාංගයට මහඟු නිදසුනක් සපයමින් ඊයේ (10) දිනයේ ඔහු තම පොරොන්දුවක් ඉ‍ටු කිරීමට මුල් පියවර තැබුවා. 

ඒ පෑලියගොඩ දුටුගැමුණු මාවතේ දර මඩුව ප්‍රදේශයේ බොහෝ කලක සිට පැවතෙන පාරසරික ගැටළුවක් විසඳීමේ සමාරම්භක පියවර තබමින්. පෑලියගොඩ දුටුගැමුණු මාවතේ දර මඩුව ප්‍රදේශයේ අවුරුදු 05කින් පමණ පිරිසිදු කර නොමැති අපිරිසිදු ඇළ මාර්ගය නිසා එම ප්‍රදේශයේ ජනතාව ඉතාමත් ක‍ටුක අත් දැකීම්වලට මුහුණපාමින් සිටියා. 

පසුගිය දිනක එහි සංචාරයක නිරත වූ ආචාර්ය නාලක ගොඩහේවා මහතා එහි ජනතාවට පොරොන්දු වූයේ මෙම ඇළ මාර්ගය ඉතා ඉක්මනින් පිරිසිදු කර එය පිරිසිදු තත්ත්වයෙන් දිගටම පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය සියළුම ක්‍රියා මාර්ග ගන්නා බවයි.

එතුමාගේ එම පොරොන්දුව ඒ ලෙසම ඉ‍ටු කරමින් දින දෙකක් තුනක් වැනි කෙටි කලක දී එම ඇළ මාර්ගය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය ඊයේ පෙරවරුවේ දී ආරම්භ කළා.

එතුමාගේ ප්‍රධානත්වයෙන් පෞද්ගලික අංශයන්ගේ ද මැදිහත් වීමෙන් මෙම භාරාදූර්ය කටයුත්ත ඉතා සාර්ථක ලෙස නිම කර ගැනීමට අවස්ථාව උදා වුණා.

මින් ඉදිරියට ඇළ මාර්ගය පිරිසිදු තත්ත්වයෙන් පවත්වා ගැනීමට අවශ්‍ය සියළු උපදෙස් ද අනෙකුත් සියළුම නඩත්තු කටයුතු ද සිදු කිරීමට ආචාර්ය නාලක ගොඩහේවා මහතා මේ වන විටත් සියළු විධි විධාන සකස් කර තිබෙනවා.

පොරොන්දු ඉ‍ටු කරන මෙවන් නිහතමානී නායකයින් රටට සැබෑ ලෙසම පූර්වාදර්ශයක්.




























ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu