gossiplanka alexa මන්ත්‍රීවරුන් සිරගත කිරීම නිසා රජයේ යෝජනාව පරාජය කිරීමට එජාපයෙන් සැලසුමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මන්ත්‍රීවරුන් සිරගත කිරීම නිසා රජයේ යෝජනාව පරාජය කිරීමට එජාපයෙන් සැලසුමක්

lanka gossip hit
සුගියදා පැවති එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දීර්ඝ වශයෙන් මන්ත්‍රීවරුන් කතාබහ කර  ඇත්තේ සිංහල අවුරුද්දට පෙර ආණ්ඩුවේ හිඟ බිල්පත් පියවීම සඳහා ලබන 20දා රජය මැතිසබයට ඉදිරිපත් කිරීමට නියමිත විශේෂ මුදල් ප්‍රතිපාදන යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කිරීමේ සැලසුම පිළිබඳවයි.

ආණ්ඩුව විපක්ෂයේ මන්ත්‍රීන්ට නඩු පවරා සිරගත කිරීමට තැත් කිරීම, විපක්ෂය සමඟ සහයෝගයෙන් කටයුතු නොකිරීම ආදී කාරණා ගෙන හැර දක්වමින් මෙම මුදල් යෝජනාව පරාජය කළයුතු යැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් ගණනාවක් ප්‍රකාශ කර තිබෙනවා. ඒ ගැන පසුගිය දින කිහිපයේම සාකච්ඡා කළ බව එ.ජා.ප. ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පවසා තිබෙනවා.

තුරු සම්මත ගිණුමකින් රාජ්‍ය වියදම් සපයා ගන්නා අවස්ථාවේ පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කළ නොහැකි බවත් ඒ සඳහා විශේෂ යෝජනාවක් ගෙන ආ යුතු බැවින් පරිපූරකය වෙනුවට දැනට ක්‍රියාත්මක අතුරු සම්මත ගිණුමට සංශෝධනයක් ලෙස නව ප්‍රතිපාදන සපයා ගැනීමේ යෝජනාව ඉදිරිපත් කිරීම රජයේ සැලසුමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu