gossiplanka alexa ශිෂ්‍යාවන් දෙදෙනෙකු සමඟ ශ්‍රී පාද වන්දනාවේ ගිය ගුරුවරයා හෝටල් කාමරයක දී අත් අඩංගුවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශිෂ්‍යාවන් දෙදෙනෙකු සමඟ ශ්‍රී පාද වන්දනාවේ ගිය ගුරුවරයා හෝටල් කාමරයක දී අත් අඩංගුවට

වුරුදු 45 පමණ වයසැති  බාහිර පන්ති ගුරුවරයෙකු පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකු සමග නල්ලතන්නිය නගරයේ නවාතැන්පොලක නවාතැන් ගෙන සිටියදී ඊයේ (03) රාත්‍රියේ දීපොලිස් අත් අඩංගුවට පත් වී තිබෙනවා.   රාත්‍රි සැකපිට අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසිය.

වත්තේගම පන්නිල ප්‍රදේශයේ පදිංචි මෙම ගුරුවරයා  ඊයේ (03) ශ්‍රි පාද වන්දනාවේ පැමිණ ඇත්තේ වයස අවුරුදු 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකු සමඟයි. රාත්‍රියේ දී  නල්ලතන්නියේ සිට ශ්‍රි පාද වන්දනාවේ මද දුරක් ගොස් තමන්ට ශ්‍රි පාද පද්ම දක්වා යාමට නොහැකි  බව පවසමින් එම පාසල් ශිෂ්‍යාවන් දෙදෙනා සමග නල්ලතන්නිය නගරයට ආපසු පැමිණි මෙම ගුරුවරයා නල්ලත්නිය පොලිසිය ඉදිරිපිට පිහිටි  නවාතැන්පොලකට ගොස් පියා සහ දියණියන් දෙදෙනා වශයෙන් එම නවාතැන්පොලේ කලමණාකරුට පවසා කාමරයක් කුලි පදනම මත ලබාගෙන තිබෙනවා. 

ඉන්පසු පොලිසිය වෙත ලද තොරතුරක් මත තිදෙනාම එම නවාතැන් පොලේ කාමරයේ රැදි සිටියදි  සැකකාර බාහිර පන්ති ගුරුවරයා අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසිය පවසනවා. සැකකාර ගුරුවරයා විවාහක අයෙක් වන අතර අදාල ශිෂ්‍යාවන් දෙදෙනා මෙවර අපොස සාපෙල විභාගයට පෙනි සිටීමට ද නියමිතව තිබෙනවා. 

පාසල් ශිෂ්‍යාවන් දෙදෙනාද තවත් ශීෂ්‍යාවන් පිරිසක් සමග ශ්‍රී පාද වන්දනාවේ යන බවයි ඔවුන්ගේ නිවැසියන්ට පවසා ඇත්තේ. මිට ප්‍රථමද මෙම ශිෂ්‍යාවන් දෙදෙනා රැගෙන මෙම බාහිර පන්ති ගුරුවරයා සිගිරිය නැරඹිමට ගොස් ඇති බව නල්ලතන්නිය පොලිසිය විසින් කරන ලද මුලික පරික්ෂණ වලදි අනාවරණය වි තිබෙනවා. 

නල්ලතන්නිය පොලිසිය භාරයේ සිටින ශිෂ්‍යායවන් දෙදෙනා කු බවත්, එම සිසුවියන් දෙදෙනා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වෛද්‍යය වාර්තාවක් ගැනිමෙන් පසු එම සිසුවියන් දෙදෙනා දෙමව්පියන් වෙත භාර දි සැකකාර බාහිර පන්ති ගුරුවරයා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නල්ලතන්නිය පොලිසිය පවසනවා. 

සැකාකාර ගුරුවරයා කාලයක්  තිස්සේ ඉංග්‍රිසි උගන්වන බාහිර පන්ති ගුරුවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටින අයෙකු බව පොලිසිය පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu