gossiplanka alexa චීනයේ කො‍ටු වි සිට්න ශ්‍රී ලාංකිකයින් මුදවා ගැනීමට විශේෂ මෙහෙයුමක් - ලංකා රජයට ජාත්‍යන්තර ප්‍රසාදය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

චීනයේ කො‍ටු වි සිට්න ශ්‍රී ලාංකිකයින් මුදවා ගැනීමට විශේෂ මෙහෙයුමක් - ලංකා රජයට ජාත්‍යන්තර ප්‍රසාදය

කාර්මිත අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ  චීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීම සදහා විශේෂ වැඩපිළිවෙලක් රජය ක්‍රියාත්මක කරන බවයි. ඒ සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන්. 

දැනටමත් වැඩි මගීන් සංඛ්‍යාවක් ගෙන යා හැකි ගුවන් යානා කීපයක් මේ සදහා යොදවා ඇතැයි ද ඇමතිවරයා සදහන් කරනවා. කොරඔනාව් ඓරසය හේතුවෙන් වසා දමා ඇති චීනයේ වුහාන් ප්‍රාන්තයේ ද ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂයාවන් 30 දෙනෙකු පමණ වෙසෙන බවට තොරතුරු ලැබී තිබෙන අතර ඔවුන්ව මුදවා ගැනීම සම්බන්ධයෙන් ද විදේශ  කටයුතු අමාත්‍යංශය චීන බළධාරින් සමග සාකච්ඡා කරමින් සිටිනවා. ඒ සම්බන්ධයෙන් චීනයෙන් අදාළ අවසරය ලද විගස ඒ සදහා විශේෂ ගුවන් යානායක් යෙදවීමට ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම අපේක්ෂා කරන බව ඇමතිවරයා සදහන් කරනවා. 

කොරොනා වෛරසය ආරම්භ වුවේ යැයි සැලකෙන චීනයේ වූහාන් ප්‍රදේශයේ  තිබේ. ඔවුන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ද විදේශ.  අදාල අවසරය ලැබුණු පසු කටුනායක ගුවන් තොටුපලේ කොරෝනා පරීක්සා කිරීමේ කටයුතු පුළුල් කිරීමට ද පියවර ගෙන තිබෙන අතර මේ වන විට කටුනායක ගුවන් තොටුපලේ කොරෝනා රෝගින් හදුනා ගැනීම සදහා තර්මෝ ස්කෑන් යන්ත්‍ර 04ක් ස්ථාපනය කර තිබෙනවා. 

ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දී ඇති උපදෙස් අනුව සියලු ආරාක්ෂක විධි විධාන කෙරෙහි සැලකිලිමත් වෙමින් කටුනායක ගුවන් තොටුපල සහ ශ්‍රි ලංකන් ගුවන් සමාගම මේ සදහා කටයුතු කරමින් සිටින බව ද ඇමතිවරයා අවධාරනය කරනවා. 

මේ අතර මෙම තත්ත්වය මැද  චිනයේ සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති කඩිනම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රසාදය පළකර සිටිනවා. 

බොහෝ රටවල් තමන් රටවැසියන් චීනයෙන් ආපසු ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයකට මුහුණ දෙමින් සිටියදී ශ්‍රී ලංකාව විසින් ගන්නා ලද මෙම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නොමද ප්‍රසාදය ජාත්‍යන්තර මාධ්‍ය විසින් පල කර ත්බෙනවා.

මෙතෙක් මේ ආකාරයේ ක්‍රියාමාර්ගයක් ගෙන ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු එවන් රටවල් කිහිපයක් පමණි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu