gossiplanka alexa ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් කටාර් රාජ්‍යයෙන් ඉල්ලීමක් - කටාර් රාජ්‍යයේ යහපත් ප්‍රතිචාර

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් කටාර් රාජ්‍යයෙන් ඉල්ලීමක් - කටාර් රාජ්‍යයේ යහපත් ප්‍රතිචාර

ලශක්ති ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ සමාගම් රැසක් එකතුකරගනිම් සුනිත්‍ය බලශක්ති උත්පාදනයට විශ්වාසදායක ජාලයක් ස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට කටාර් රාජ්‍යය කැමැත්ත පළ කරතිබෙනවා. ඒඅතිගරු ජනාධිපත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුවයි. 

කටාර් රාජ්‍යයේ බලශක්ති කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය සාඩ් ෂෙරීඩා අල්-කාබි මහතා (Saad Sherida Al Kaabi) සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් ඊයේ (26)  ජනාධිපති කාර්යාලයේ දී  පැවැත්වුණා. 

එහි දී කටාර් රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපති රාජපක්ෂ මැතිතුමා වෙත මැත්වරන ජයග්‍රණය වෙනුවෙන් සුබ පැතුම් පළ කළ අතර අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරීම පිළිබද වැඩිදුර සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් විශේෂ නියෝජිතයෙකු නම් කරන ලෙස ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව ඉදිරි කටයුතු සදහා තම නියෝජිතයා වශයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා නම් කරන බවද ජනාධිපතිතුමා පැවසුවා. අදාළ කටයුතු සොයා බැලීමට  දෝහා නරගයේ චාරිකාවකට එක් වන ලෙසට කටාර් අමාත්‍යවරයා එහි දී ජයසුන්දර මහතාට ආරාධනාවක් කළා.  බලශක්ති උත්පාදනයට අදාළ ශ්‍රී ලංකාවේ සැලැස්ම එම චාරිකාවේ දී විස්තර කෙරුණු ඇති.

රටේ අනාගත බලශක්ති අවශ්‍යතාවයන්ගෙන් 80%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමට ලංකා රජය අපේක්ෂා කරනවා. කටාර් රාජ්‍යයේ මෙම ව්‍යාපෘති පාකිස්ථානයේ සහ පෝලන්තයේ සාර්ථකව ක්‍රියාතම කර ඇති බවද කටාර් රාජ්‍ය ආමත්‍යවරයා පවසනවා. 

“බලශක්ති උත්පාදනයට අම්තරව කටාර් රාජ්‍යය සමග ද්විපාර්ශ්වික සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බව ද තේ, එළවළු විශේෂයෙන් කාබනික එළවළු සහ පළතුරු සඳහා වෙළෙඳපොළක් ඇති කර ගැනීමට අවශ්‍ය බව ද මෙහි දී ජනාධිපත්වරයා වැඩි දුරටත් සඳහන් කළා. 

එයට යහපත් ප්‍රතිචාර දක්වමින් කටාර් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ තම සංචාරය මෙවන් සහයෝගීතාවක පළමු පියවර වනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu