Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label rescue. Show all posts

lanka hot gossip
දැරියක් තැනට සුදුසු නුවණින් ක්‍රියා කිරීම නිසා කාමාතුරයෙකුගෙන් ගැලවි ජීවිතය බේරාගත් පුවතක් ගොවිඳුපුර ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙම දැරියගේ දෙමව්පියන් කුලී වැඩ සඳහා යන නිසා පසුදිය ඉරිදා එම දැරිය දහම් පාසල අවසන් වී යාබද ඥාති නිවසකට ගොස් තිබෙනවා. එහිදී මෙම දැරිය ඇඳ සිටි ළමා සාරිය ගලවා ඇඳුම් මාරු කරගෙන ඒමට යන බව එම ඥාති නිවෙසේ කාන්තාවට පවසා මෙම දැරිය ඇගේ නිවෙසට පිටත්ව ගොස් තිබෙනවා. 

එම දැරිය නිවසට පැමිණි පසු  ආසන්න නිවෙසක සිටින සැකකරු නිවෙසට පැමිණ ඇගේ දෑත් පසුපසට කර අල්ලාගෙන ගොස් දූෂණය කිරීමට තැත් කර ඇති බවයි වාර්තා වන්නේ. 

කාර්මිත අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ  චීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීම සදහා විශේෂ වැඩපිළිවෙලක් රජය ක්‍රියාත්මක කරන බවයි. ඒ සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන්. 

දැනටමත් වැඩි මගීන් සංඛ්‍යාවක් ගෙන යා හැකි ගුවන් යානා කීපයක් මේ සදහා යොදවා ඇතැයි ද ඇමතිවරයා සදහන් කරනවා. කොරඔනාව් ඓරසය හේතුවෙන් වසා දමා ඇති චීනයේ වුහාන් ප්‍රාන්තයේ ද ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂයාවන් 30 දෙනෙකු පමණ වෙසෙන බවට තොරතුරු ලැබී තිබෙන අතර ඔවුන්ව මුදවා ගැනීම සම්බන්ධයෙන් ද විදේශ  කටයුතු අමාත්‍යංශය චීන බළධාරින් සමග සාකච්ඡා කරමින් සිටිනවා. ඒ සම්බන්ධයෙන් චීනයෙන් අදාළ අවසරය ලද විගස ඒ සදහා විශේෂ ගුවන් යානායක් යෙදවීමට ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම අපේක්ෂා කරන බව ඇමතිවරයා සදහන් කරනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page