gossiplanka alexa මුහුණු ආවරණවල උපරිම සිල්ලර මිල දැනගන්න, වැඩි මිලක් නියමකරන වෙළෙඳුන්ට නීතිය ක්‍රියාත්මකයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුහුණු ආවරණවල උපරිම සිල්ලර මිල දැනගන්න, වැඩි මිලක් නියමකරන වෙළෙඳුන්ට නීතිය ක්‍රියාත්මකයි

සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ වෙළඳපොලෙහි අලෙවි කිරීමට තිබෙන මුහුණු ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට යි. පවතින කොරෝනා වයිරස් තත්ත්වය හේතුවෙන් වෙළඳපොලෙහි අලෙවි වන මුහුණු ආවරණ සඳහා ඉතාම වැඩි මුදලක් වෙළෙඳුන් විසින් ලබා ගැනීම පිළිබඳ ජනතාව අතර ඉතා අප්‍රසාදයක් මතුව තිබෙනවා. මේ පිළිබඳ සිද්ධීන් ‍රැසක් මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමඟම එයට අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය විසින්  මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 142 වගන්තිය යටතේ උපකරණ මිල නියම කිරිම නියෝග අනුව ඉවත දැමිය හැකි මුහුණු ආවරණ සදහා උපරිම සිල්ලර මිලක් නියම කිරිමට අද (29) සිට තීරණය කර තිබෙනවා.

වෛද්‍ය උපකරණවල අනුමත නාමය අනුව අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල ගණන් ඒ අනුව පහත පරිදි වනවා. මෙම මිල ගණන් අභිබවා මුහුණ ආවරණය කරන ලබන වෙළෙඳුන්ට නිතිය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටිනවා. 

01.     ඉවත දැමිය හැකි මුහුණු ආවරණ  - නොවියන ලද (ලූපය සහිත හෝ ගැට ගසන)  රුපියල් 15 යි

02.     ඉවත දැමිය හැකි ශල්‍ය මුහුණු ආවරණ -  නොවියන ලද (ලූපය සහිත හෝ ගැටගසන)  රුපියල් 15 යි

03.     මුහුණු ආවරණ (එන් 95 වර්ගය - අංශු ශ්වසන පෙරණය) රුපියල් 150 ක් වශයෙන් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu