gossiplanka alexa ''දින 10ක් ඇතුළත කොරෝනා වෛරසය උපරිම තත්ත්වයට ළඟාවනවා, හැකි පමණ හුදකලා වන්න''

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

''දින 10ක් ඇතුළත කොරෝනා වෛරසය උපරිම තත්ත්වයට ළඟාවනවා, හැකි පමණ හුදකලා වන්න''

කොරොනා වෛරසය පාලනය කිරීම හා වැළැක්වීම සඳහා පිහිටුවා ඇති ජාතික විශේෂඥ කණ්ඩායමක ප්‍රධානියා වන ෂොං නන්ෂාන්  සම්මුඛ සාකච්ඡාවකදී  ප්‍රකාශ කර ඇත්ත නව කොරෝනා වෛරසය සතියකින් හෝ දින 10 කින් පමණ උපරිමයට පැමිණිය හැකි බව යි.

උපරිම මට්ටමට ළඟා වීම නිශ්චිතවම තක්සේරු කිරීම ඉතා අපහසු බවත්සතියක් හෝ දින 10 ක් තුළ එය උච්චතම අවස්ථාව කරා ළඟා වෙනු ඇති බවත් පවසන ඔහු ඉන් පසුව විශාල පරිමාණයේ වැඩිවීමක් සිදු නොවනු ඇති බව ද පවසා සිටියා.

''වසංගතය මැඩපැවැත්වීම සඳහා මාර්ග දෙකක් තිබෙනවා. එකක් කල්තියා හඳුනා ගැනීම සහ අනෙක හුදෙකලා වීමයි. ඒවා වඩාත් ප්‍රාථමික හා ඵලදායී ක්‍රමයන් වෙනවා. දින දහයේ සිට 14 දක්වා කාලය හුදකලා කිරීම හා නිරීක්ෂණය කිරීම සඳහා හොඳ කාල පරිච්ඡේදයක්. පුර්ව ලියාපදිංචි තක්සේරු කාලය අවසන් වූ විට, අසනීප වූවන්ට කාලෝචිත ප්‍රතිකාර ලබා ගත හැකියි.  නමුත් පරීක්ෂණ සහ හඳුනාගැනීමේ පියවර අඛණ්ඩව සිදුවිය යුතුය,"  ඔහු වැඩි දුරටත් පවසා සිටියා.

ඔහු වැඩි දුරටත් යෝජනා කර සිටිනෙන රෝහල්වල බෝවන රෝග විශේෂඥයින් යින් පමණක් නොව, රෝගීන් වඩා හොඳින් බේරා ගැනීම සඳහා දරුණු අවස්ථාවන්ට ප්‍රතිකාර කිරීමේ විශේෂඥයින් ද සිටිය යුතු බව යි.

ෂොං නන්ෂාන් චිනයේ ප්‍රමුඛ පෙළේ ශ්වසන විශේෂඥවරයෙක් වන අතර ඔහු චීන ඉංජිනේරු ඇකඩමියේ ශාස්ත්‍රඥයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu