Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

මුන් 980 ක් පමණ හා ගුරුභවතුන් 55 ක් සිටින කුරුණැගල දිස්ත්රික්කයේ ජාතික පාසලක් දින නියමයකින් තොරව කළාප කාර්යාලයේ අනුදැනුම මත වසා දමා තිබෙනවා. මෙසේ වසා තබා ඇත්තේ ගිරිබාව ප්රදේශයේ යාය 3 සොලේපුර කු/පැරකුම්පුර ජාතික පාසලයි.  

පසුගිය 28 දායින් පසුව පාසල තුළ දී ළමුන් විශාල ප්‍රමාණයක් එකවර උණ රෝගයෙන් පෙළීම මෙසේ එම පාසල වසා දැමීමට හේතු වී තිබෙනවා. එම ළමුන් රාජාංගනය ප්රාදේශීය රෝහලට [සී] ඇතුලත් කර තිබෙනවා. එම රෝහලේ නිලධාරියෙක් පැවසුවේ එම ළමුන් බාහිර රොගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බව යි. 

මෙම විදුහලේ විදුහල්පති තුමා ඇතුළු ගුරුවරු 5 දෙනෙක්ද, උණ රෝගයෙන් පෙළන බව ද ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ පිලිබද වැඩිදුර පරීක්ෂණ ගිරිබාව ප්‍රාදේශිය සෞඛ්‍ය කාර්යාලයේ නිලධාරින් විසින් පවත්වනු ලබනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page