gossiplanka alexa ශ්වසන අපහසුතාවයෙන් දැඩි ලෙස ගිලන් වූ පාසැල් දැරිය රෝහලට ගෙනයාමට ගුරුවරු ඉදිරිපත් වී නැහැ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්වසන අපහසුතාවයෙන් දැඩි ලෙස ගිලන් වූ පාසැල් දැරිය රෝහලට ගෙනයාමට ගුරුවරු ඉදිරිපත් වී නැහැ

හනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක ඉගෙනුම ලබන 13 හැවිරිදි සිසුවියක් නොබෝදා පාසලේ දි දැඩි ලෙස ගිලන් වී තිබෙනවා. ඒ හදිසියේ හටගත් ශ්වසන අපහසුතාවයක් හේතුවෙන්. එලෙස දැඩි ලෙස රෝගාතුර වූ දැරිය පාසල් බලධාරීන් විසින් රෝහල වෙත රැඟෙන යාම ප්‍රතික්ෂේප කළ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පාසැල් බලධාරීන් සුවසැරිය ගිලන්රථයක් පාසලට ගෙන්වා ගෙන ඇති නමුත් එම අවස්ථාවේ භාරකරුවෙකු ලෙස දැරිය සමඟ රෝහල වෙත යාමට කිසිදු ගුරුවරයෙකු ඉදිරිපත් වී නැහැ. එහිදී පැන නැඟී ඇත්තේ දැඩි ගැටළුකාරී තත්ත්වයක්.

පසුව ගිලන් රථ රියදුරු විසින් අසල සිටි පොලිස් නිලධාරියෙකු වෙත ගොස් මේ සම්බන්ධයෙන් දන්වා තිබෙනවා.  එම නිලධාරියා බාලිකා පාසලට පැමිණ කරුණු වටහාදීමෙන් අනතුරුවයි එක් ගුරුවරියක් දැරිය රෝහල්ගත්කිරීමට ඉදිරිපත්ව ඇත්තේ.

මෙම ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් මිනිත්තු 15 කට ආසන්න කාලයක් දැරිය රෝහල්ගතවීම ප්‍රමාද වී ඇති අතර තවත් ප්‍රමාදවීමක් සිදුවූවා නම් දැරියගේ තත්වය බරපතළ වීමේ අවධානමක් තිබූ බවයි එම අවස්ථාවේ සෞඛ්‍ය අංශයේ බලධාරීන් පෙන්වාදී ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu