gossiplanka alexa චීනයේ සිටින සිසුන් දියතලාවට එපා, සිසුන් චීනයේම ‍රැඳී සිටීම වඩා සුදුසුයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

චීනයේ සිටින සිසුන් දියතලාවට එපා, සිසුන් චීනයේම ‍රැඳී සිටීම වඩා සුදුසුයි

වුන් මෙරටට ගෙන්වා ගැනීමෙන් පසු සති දෙකක කාලයක් සඳහා දියතලාව හමුදා කඳවුරේ විශේෂ රැඳවුම් කොටසක රඳවා තැබීමට රජය තීරණය කර තිබෙනවා. එහි දී එම සිසුන් කොරෝනා රෝග ආසාදිතයන්දැයි මෙම පරීක්ෂා කිරීමට නියමිතව තිබෙනවා. 

එහෙත් එම සිසුන් දියතලාව හමුදා කඳවුරට ගෙන ඒම සම්බන්ධයෙන් එම දිස්ත්‍රික්කයේ වෛද්‍ය නිලධාරීන් විරෝධය පළකරනවා. ඒදියතලාවේදී කොරෝනා රෝගී තත්ත්වයන් පරික්ෂා කිරීම සඳහා කිසිදු පහසුකමක් නැති බව පවසමින්. පහසුකම් නොමැති තත්ත්වයක් තුළ දී ඔවුන් නැවත කොළඹට ගෙන ඒමේදී ගැටලු මතු විය හැකි බවයි සංගමයේ සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ.

මෙවන් වෛරසයක් ආසාදිත පිරිසක් රට කෙළවරේ සිට රට මැදට ගෙනැවිත් දැමීම තවත් ගැටළුවක් ඇති කිරීමක් බවත් ඔවුන් හමුදා කඳවුරේ තබා ගත්තද මෙවන් වසංගතයක් පැතිර යාමට නතර කිරීමට ඔවුන්ට හැකියාවක් නැති බවත් සංගමයේ අදහසයි.

මේ අතර චීනයේ විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ‘මා චුන්ග් වූ’ මහතා සඳහන් කරන්නේ චීනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට කොරෝනා වෛරසය වැළඳුනහොත් සුදුසුම දේ චීනයේම සිටීම බව යි. දැනට වෛරසය පාලනය කිරීම 80% ක පමණ සාර්ථකත්වයක් ඇති බවත් ඉදිරි කෙටි කාලයේදී එය සම්පුර්ණයෙන්ම පාලනය කරනු හැකි බවත් ඔහු පවසනවා. 

මෙම වෛරස පාලනය කිරීමට ශ්‍රී ලංකාවට වඩා ඉහල වෛද්‍ය පහසුකම් චීනයේ තිබෙන නිසා හොඳම දෙය චීනය තුල සිටිනා තැන සිටීම බව ද ඔහු තව දුරටත් කියා සිටිනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu