gossiplanka alexa පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අසාද් සාලිගෙන් පරස්පර විරෝධී සාක්ෂියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අසාද් සාලිගෙන් පරස්පර විරෝධී සාක්ෂියක්

ස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දී තිබෙනවා. එහි දී ඔහු විසින් ලබා දුන් සාක්ෂිය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ලබාදුන් සාක්ෂියට සම්පූර්ණ පටහැනි සාක්ෂියක්  බව ඊයේ (21 වැනිදා) රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සුහර්ෂ හේරත් ජනාධිපති කොමිසමට පැවසුවා.

ඔහු ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට සාක්ෂි ලබාදීමට පැමිණි අවස්ථාවේ දී රජයේ අධිනීතිඥවරිය 2019 ජුනි මස 11 වැනි දින පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ඔහු ලබාදුන් සාක්ෂියක් පිළිබඳව ඔහුගෙන් විමසා සිටියා.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ තවත් බුද්ධි අංශ නිලධාරීන් කැඳවා පාස්කු ප්‍රහාරයට සතියකට පෙර සාකච්ඡාවක් සිදු කළ බව අසාද් සාලි සාක්ෂි ලබා දී තිබුණා. ඒ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයගේ නාමලේඛනයක් තමාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්. එසේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ලබාදුන් සාක්ෂිය සත්‍යද යන්න යි රජයේ අධිනීතිඥවරිය විමසා ඇත්තේ.

එහිදී  අසාද් සාලි කියා ඇත්තේ තමා එසේ රැස්වීමක් පාස්කු ප්‍රහාරය සිදුවීමට සතියකට පෙර අදාළ නිලධාරීන් සමග නොපැවැත්වූ බවත්, එම රැස්වීම පැවැත්වූයේ ප්‍රහාරයෙන් සතියකට පසුව බවත්ය. එසේම මෙම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ගේ නාමලේඛනය තමාට සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලබාදුන්නේ ප්‍රහාරය සිදුවූ දින බවත් ඔහු කියා තිබෙනවා.

ලබා දුන් සාක්ෂි පරස්පර විරෝධී බැවින් මේ පිළිබඳව පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසමේ දැඩි අවධානය යොමුවූ අතර  එම සාක්ෂිය ලේඛනගත කිරීමට කොමිසම කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu