gossiplanka alexa පිළිකා කාරක විෂ වායුවක් නිසා කතරගම පාසැලක් වසා දැමේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පිළිකා කාරක විෂ වායුවක් නිසා කතරගම පාසැලක් වසා දැමේ

සල බැහැර කිරීම සම්බන්ධයෙන් මෙරට දිනෙන් දිනම නොයෙක් ගැටළු පැන නැගී තිබෙනවා. එයට නිසියාකාර විසඳුමක් ඉදිරිපත් කිරීමට කිසිවෙකුටත් තවමත් හැකියාවක් ලැබී නැහැ. කසල නිසා ඉතාමත් අවාසනාවන්ත ලෙස පාසැලක් වැසී යාම පිළිබඳ පුවතක් කතරගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කතරගම වැඩහිටිකන්ද රක්ෂිත සීමාවේ අනවසරයෙන් බැහැර කර තිබූ කසළ පුළුස්සා දැමීමට කිසියම් පිරිසක් විසින්  කටයුතු කර තිබුණා. එසේ කසල පුළුස්සා දැමීමත් සමඟම ඉන් පිටවූ විෂ වායුවක් හේතුවෙන් කතරගම දෙටගමුව කනිටු විදුහලේ සිසුන්ට මෙන්ම ප්‍රදේශවාසීන්ටද දැඩි බලපෑමක් එල වී තිබෙනවා. මේ හේතුවෙන් එම විදුහල වසා දැමීමට සිදුව තිබෙනවා. ඒ අදාළ වායුව පිළිකා කාරක බවට බලධාරීන් නිර්දේශ කිරීමත් සමගයි. 

කලක සිට වැඩහිටිකන්ද රක්ෂිත සීමාවේ කිසියම් පිරිසක් විසින් අනවසරයෙන් කසල බැහැර කිරීමට කටයුතු කර තිබුණා. රාත්‍රී කිසියම් පිරිසක් විසින් එම කසල තොග ගිනි තැබීමට පියවර ගැනීමත් සමග රාත්‍රී සිට විෂ වායුවක් ප්‍රදේශය පුරා පැතිර ගොස් තිබුණා. 

මේ වන විට පරිසර අධිකාරියේ නිලධාරීන් විසින් මෙම කසල පරීක්ෂා කර, කසල තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට තීරණය කළා. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu