gossiplanka alexa නැවතත් ත්‍රස්ත ප්‍රහාරයක් ? - සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන ලිපිය ගැන පරීක්ෂණ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නැවතත් ත්‍රස්ත ප්‍රහාරයක් ? - සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන ලිපිය ගැන පරීක්ෂණ

පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරය තවමත් පරීක්ෂණ තත්ත්වයේ තිබෙන අතර සිංහලේ සංවිධානයේ සංවිධායක ප‍්‍රදීප් සංජීව මහතා පවසන්නේ ඉදිරි දින කිහිපයේදී නැවතත් ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වීමේ සූදානමක් ඇති බවයි.  

අගරදගුරු තුමන් විසින්ද මේ සම්බන්දයෙන් කරුණු විමසා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇතැයි ඒ මහතා වැඩි දුරටත් කියා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් තොරතුරු වාර්තා කර ඇති බවද ඔහු තව දුරටත් සඳහන් කලා. 

මේ අතර පාස්කු ඉරිදා එල්ලවූ ආකාරයේ ප්‍රහාරයක් යලි එල්ලවීමේ හැකියාවක් ඇති බව දක්වමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරුවන ආරක්ෂාවට සම්බන්ධ ලිපියක් සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වනවා.

ඔක්තෝම්බර් 02 වෙනිදා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ අත්සනින් යුතුව කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ හෝටල් කිහිපයක් වෙත මෙම ලිපිය නිකුත් කර ඇති බවයි දැක්වෙන්නේ.

එම ලිපියෙහි අඩංගු කරුණු බුද්ධි අංශ මගින් තහවුරු කර නොමැති වාතාවරණයක් තුල මෙම ලිපිය යොමු කර ඇති අතර, ඒ අනුව එම ලිපිය පිළිබඳවත් එම ලිපිය යොමු කරන ලද නිලධාරින් සම්බන්ධයෙන් සහ යම්කිසි කඩාකප්පල්කාරී තත්ත්වයක් ඇති කිරීමේ අරමුණින් එම ලිපිය යොමු කරනු ලැබුවද යන්න සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මගින් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. 

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන එම ලිපිය පහතින් 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu