gossiplanka alexa ජනාධිපතිවරණයට යන වියදම මැකෝ හෙළි කරයි - CCTV කැමරා මඟින් වංචා හෙළිකර ගැනීමට සූදානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපතිවරණයට යන වියදම මැකෝ හෙළි කරයි - CCTV කැමරා මඟින් වංචා හෙළිකර ගැනීමට සූදානමක්

මෙවර ජනපතිවරණය පැවැත්විම වෙනුවෙන් රුපියල් කෝටි 450ක පමණ මුදලක් වැය වෙනු ඇතැයි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (04දා) පැවැති මාධ්‍ය හමුවකදී පවසා තිබෙනවා. 

අපේක්ෂකයන් සංඛ්‍යාව වැඩි වීම අනුව මෙම වියදම ඉහළ යා හැකි බවත් ඔහු සඳහන් කළා. 

මෙවර ජනපතිවරණයට ඉදිරිපත්ව ඇති කිසිම අපේක්ෂකයෙකුට සියයට 50ට අධික සංඛ්‍යාවක් ලබාගත නොහැකි නම් දෙවැනි හා තෙවැනි මනාපය ගණනය කිරීමට සිදුවන බවත් ඔහු ප්‍රකාශ කළා.

එසේම ඉතිහාසයේ ප්‍රථම වරට ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවල ආරක්ෂිත කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ද මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍යයට පවසනවා.

ගණන් කරන මධ්‍යස්ථානවල සිදුවෙතැයි කියන වංචාවන් වැළැක්වීමටත් මැතිවරණ ප‍්‍රතිඵලවල විශ්වාසනීයත්වය තහවුරු කිරීමටත් මෙම පියවර ගන්නා බව ඒ මහතා පවසන්නේ. 

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමාගෙන ඡන්ද සංඛ්‍යාව වැඩි කර පෙන්වාදීම ඇතුළු මෙම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට කිසිවකුට ඉඩ නොමැති බව යනුවෙන්ද ඒ මහතා මාධ්‍යයට ප්‍රකාශ කළා. 

මෙම මැතිවරණයේදී නීති උල්ලංඝනය කර හෝ ජයග‍්‍රහණය කිරීමට කිසියම් අපේක්‍ෂකයකු ආධාරකරුවන්, දේශපාලකයන් හෝ රාජ්‍ය නිලධාරීන් උත්සාහ ගන්නේ නම් එම වංචා වලක්වා ගැනීම සඳහා මෙලෙසින් ඡන්ද ගණන් ගන්නා මධ්‍යස්ථානවලට දැඩි පොලිස් රැකවරණය මෙන්ම ආරක්‍ෂක කැමරා පද්ධති ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා. .
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu