gossiplanka alexa ශ්‍රී ලංකා හමුදා භටයින්ට එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් තහනම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා හමුදා භටයින්ට එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් තහනම්

ක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා හමුදා භටයින් යෙදවීම තහනම් කිරීමට එක්සත් ජාතීන්ගේ සාම සාධක දෙපාර්තමේන්තුව විසින්  තීරණය කර ඇති බව Foreign Post වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා. එයටහේතු වශයෙන් දක්වා ඇත්තේ  වත්මන් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙරට යුධ හමුදාපතිවරයා ලෙස පත් කිරීමට විරෝධය පළ කිරීම බව  එක්සත් ජාතීන්ගේ මාධ්‍ය ප්‍රකාශකවරයා උපුටා දක්වමින් Foreign Post වෙබ් අඩවිය වැඩිදුරටත් සදහන් කර සිටිනවා. 

විදේශ ප්‍රතිපත්තියට අනුව එක්සත් ජාතින්ගේ සාම සාධක මෙහෙයුම් සිදුකරනු ලබන රටවල් හයකට ශ්‍රී ලංකාව විසින් කරන ලද දායකත්වය පිළිබඳව  එක්සත් ජාතින්ගේ සංවිධානයේ ස්තුතිය පුද කරන නමුත් වත්මන් යුධ හමුදාපතිවරයාගේ පත් කිරීමත් සමග එය ඉදිරියට පවත්වාගෙන යාමේ ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇති බවයි එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් ප්‍රකාශ කර සිටින්නේ.

මානුෂිය මෙහෙයුම් සිදුවූ කාල සීමාවේදී 58 වෙනි සේනාංකයේ අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කළ වත්මන් යුධ හමුදාපතිවරයා මානව හිමිකම් උල්ලංඝණය කළ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා එල්ල කරනු ලැබුවා. දැනට සේවයේ යෙදි සිටින ලාංකික භට පිරිස්වල කාල සීමාව සම්පුර්ණ වීමෙන් අනතුරුව ලබන මාසයේ සිට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාම මෙහෙයුම් සඳහා ශ්‍රී ලාංකික හමුදා යෙදවීම අත්හිටුවනු ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu