gossiplanka alexa කුමන හෝ හේතුවකට ගෝඨාභය අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දෙදෙනකු සමඟ රහස් සාකච්ඡා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කුමන හෝ හේතුවකට ගෝඨාභය අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දෙදෙනකු සමඟ රහස් සාකච්ඡා

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඞීන් ඝාතනය හෝ ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සිද්ධිය ආදී වශයෙන් පසුගිය කාලයේ විමර්ශන සිදු කළ එක් සිද්ධියකට හෝ ගෝඨාභය රාජපක්‍ෂ මහතා සම්බන්ධ කර අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් තිබේදැයි  ආණ්ඩුවේ ඉහළම දේශපාලනඥයන් තිදෙනකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දෙදෙනකුගෙන් විමසා ඇතැයි වාර්තා වනවා.

රජයේ ඉහළම නිල නිවසක් තුළදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දෙදෙනකු සහ එකී ආණ්ඩුවේ ඉහළම දේශපාලනඥයන් තිදෙනකු අතර රහස් සාකච්ඡාවක් පවත්වමින් මේ පිළිබඳ විමසා තිබෙනවා.

එහිදී දේශපාලනඥයන් තිදෙනා රහස් පොලිස් නිලධාරීන් දෙදෙනාට උපදෙස් දී තිබෙන්නේ අදාළ සිද්ධීන් අතරින් කුමකට හෝ සම්බන්ධ කර වහාම ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට පියවර ගන්නා ලෙසයි. 

අදාළ රහස් පොලිස් නිලධාරීන් දෙදෙනාට යම් ආකාරයකින් ගැටලූවක් මතුවුවහොත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට විදේශ රටක රැකවරණ ලබාදීමට පියවර ගන්නා බවද මෙහිදී දේශපාලනඥයන් තිදෙනා රහස් පොලිස් නිලධාරීන්ට පවසා තිබෙනවා. දැනටමත් ඒ සඳහා විදේශ රටවල් දෙකක් කැමැත්ත පළ කර ඇතැයිද සඳහන්.

දිවයින පුවත්පත ඇසුරින්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu