ළඹෙන නිවාඩු දිනයන් හි දී පෙර දැනුම්දීමකින් තොරව ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදී ප්‍රහාරයන් එල්ල විය හැකි බැවින් ඇමරිකන් පුරවැසියන්ට ප්‍රවේසම් වන ලෙස දන්වා ඇමරිකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

සංචාරක ස්ථාන, ප්‍රවාහන මධ්‍යස්ථාන, වෙළඳපල, සාප්පු සංකීර්ණ, රජයේ පහසුකම්, හෝටල්, සමාජ ශාලා, අවන්හල්, පූජනීය ස්ථාන, උද්‍යාන, ප්‍රධාන ක්‍රීඩා හා සංස්කෘතික උත්සව, අධ්‍යාපන ආයතන, ගුවන්තොටුපල, රෝහල් සහ වෙනත් පොදු ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයන් සිදුවිය හැකි බවයි එම නිවේදනයෙන් දන්වා සිටින්නේ.

සංචාරක ස්ථාන සහ ජනාකීර්ණ පොදු ස්ථාන වෙත යන විට වටපිටාව පිළිබඳ සැලකිලිමත් වන ලෙසත්, රජයෙන් ලබාදෙන උපදෙස් පිළිපදින ලෙසත් එම නිවේදනයෙන් ඇමරිකන් පුරවැසියන්ට දන්වා තිබෙනවා. තමන්ගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට පෙර මාධ්‍යමඟින් නිකුත් කරන නිවේදන අධීක්ෂනය කරන ලෙස ද එහි වැඩි දුරටත් දන්වා සිටිනවා.