gossiplanka alexa යෙහෙළියට උදව් කිරීමට ගිය කවීෂාට යෙහෙළියගේ පෙම්වතා නිසා අත්වූ ඛේදනීය ඉරණම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යෙහෙළියට උදව් කිරීමට ගිය කවීෂාට යෙහෙළියගේ පෙම්වතා නිසා අත්වූ ඛේදනීය ඉරණම

වීෂා කුරුණෑගල නගරයේ උපකාරක පන්තියකට සහභාගී වීමට යයි කියමින් ඉකුත් 29 දා නිවසින් පිටත් වුණා. ඇය මෙවර අ.පො.ස. (සා. පෙළ) විභාගයට දෙවන වරට පෙනී සිටීම සඳහා සූදානමින් සිටින සිසුවියක්. නමුත් එදින ඇය නිවසට නොපැමිණි නිසා ඇයගේ ගේ මව්පියන් විසින් අලව්ව පොලිසියට පැමිණිල්ලක්‌ සිදු කලා. 

ඒ පිළිබඳව අලව්ව පොලිසිය විසින් පරීක්‌ෂණ සිදු කෙරෙමින් පවතින අතරතුර කුරුණෑගල - මැල්සිරිපුර නගරයේ හෝටල් කාමරයක්‌ තුළ අභිරහස්‌ ලෙස මිය ගිය තරුණියකගේ මළ සිරුරක්‌ ඇති බවට එම හෝටලයේ සේවකයින් විසින් ගොකරැල්ල පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා. 

ඒ අනුව සිදුකළ පරීක්‌ෂාවේ දීපොලිසිය විසින් කවීෂාගේ මළ සිරුර ඇය නිවසින් අතුරුදන්ව දිනකට පසුව සොයා ගැණුනා. 

"මේ ළමය බලෙන් පැහැරගෙන ගිහින් තියෙන්නේ. අපේ දුවගේ යාලුවෙක්‌ එක්‌ක තමයි මේ සිද්ධියේ සැකකරු යාලු වෙලා ඉන්නේ. මේ පුද්ගලයා ඒ ළමයාගේ දුරකතනයෙන් අපේ ළමයට කෝල් එවල තමයි එයාව රවට්‌ටන් ගිහින් තියෙන්නේ. අපේ දුව තවත් එයාගේ යාලුවෙකුට මැසේඡ් කරලා තියෙනවා මගේ යාලුවෙක්‌ කරදරේක වැටිලා. ඒ නිසා මං එයාව බලන්න යනවා කියල. 

සැකකරු දුවව හෝටල් කාමරයට අරන් ගිහින් එයාට සිහි නැති වෙන්න මොනවා හරි දීල තමයි මේ අපරාධය කරලා තියෙන්නේ. දුව හෝටලේ කාමරයේ ඉඳන් කෑගහන ශබ්දෙ හෝටලේ වැඩ කරන කෙනෙක්‌ට ඇහිලා තියෙනවා. එයා විපරම් කරන කොට සැකකරු කියල තියෙනවා එක අපේ ප්‍රශ්නයක්‌ ඒ නිසා කලබල වෙන්න එපා කියල..." යැයි කවීෂාගේ ඥාතියෙක් පවසා සිටිනවා. 

සිද්ධියට සම්බන්ධව කුරුණෑගල ඉහලගම පෙරියකඩු නැලව පදිංචි අධිකාරි මුදියන්සේලාගේ කසුන් ප්‍රදීප් නමැති 22 හැවිරිදි සැකකරු 30 වෙනි දා රාත්‍රියේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අති අතර ඔහු මේ වන විට කුරුණෑගල මහේස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ප්‍රධාන මහේස්‌ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා විසින් මේ මස 8 වෙනි දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

තම හොඳම යෙහෙළියක කරදරයකට පත්ව ඇතැයි ලැබුණු ආරංචියක්‌ මත කවීෂා ඇයට උපකාර කිරීමට පිටත්ව ගොස් තිබෙනවා. අවසානයේ දී ඇයට  පාපතරයකුගේ අතින් සිය ජීවිතය අහිමි කර ගැනීමට සිදුවුණා. සැකකරු විසින් ඉමාෂාගේ දුරකතනයෙන් ලබා දුන් ව්‍යාජ තොරතුරු ඔස්‌සේ සිය යෙහෙළියට උදව් කිරීමට පැමිණි කවීෂාට මෙසේ සිය ජීවිතය අත හැර දැමීමට සිදු වුණා. සැකකරු පොලිසියට පවසා ඇත්තේ තමා සමග එකට සිට ඡායාරූපයක්‌ ගෙන ඉමාෂට යෑවීමට කළ යෝජනාවට කවීෂා අකමැති වීම නිසා මෙසේ ඇය මරා දැමුණු බවයි.

"අපේ දරුවාට සිදු වූ මෙවැනි විපත් යළි ඇති නොවෙන්න මේ අපරාධය සිදු කළ පාපතරයාට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කියලා අපි කියනවා..." යෑයි  ඩබ්ලිව්. පී. කවීෂා මධුරංගි වික්‍රමසිංහ දැරියගේ මව්පියන් විලාපදෙමින් ඉල්ලා සිටිනවා.

 









ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu