gossiplanka alexa පාර්ලිමේන්තු කතානායකවරයා ඉල්ලා අස්වේ, හිස්වන කතානායක ධූරයට නාමයෝජනා දෙකක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාර්ලිමේන්තු කතානායකවරයා ඉල්ලා අස්වේ, හිස්වන කතානායක ධූරයට නාමයෝජනා දෙකක්

තා විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරන්නේ කථානායක කරු ජයසූරිය එම තනතුරෙන් ඉවත්වීමට යන බවයි . ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට මෙසේ කතානායකවරයා සිය ධූරයෙන් ඉවත්වීමට යන බවද දැනගන්නට තිබෙනවා. 

කතානායක ධූරයෙන් ඉවත්වන ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ සභානායක තනතුර දරනුලබන බවයි වාර්තාවන්නේ. ඒ සඳහා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කැමැත්ත පළකර ඇතැයිද දැනගන්නට තිබෙනවා.

කරු ජයසූරිය මහතා ඉවත්වීමෙන් හිස්වන කථානායක තනතුරට ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පත් කිරීමට යන බව ආණ්ඩු පක්ෂයට සම්බන්ධ තවත් ආරංචිමාර්ගයක් සඳහන් කරනවා. කිරිඇල්ල මහතා යම් හෙයකින් කථානායක තනතුර භාරගැනීමට අකැමැති වුවහොත් නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ නම ඒ සඳහා යෝජනා වීමට ඉඩ ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරයෙක් පවසා තිබෙනවා.

කන්ද උඩරට උරුමයන් පිළිබඳව කටයුතු කිරීම සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිරි කටයුතු සිදුකර අවසන් කිරීම සඳහා ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කැබිනට් අමාත්‍ය ධුරයක කටයුතු කිරීමේ ඇති වැදගත්කම ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු පිරිසක් අවධාරණය කර ඇතැයිද වාර්තා වනවා. මේ අතර කථානායක කාර්යාලයේ සේවය කරන කිහිපදෙනෙක්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවා අංශයෙන්, සභානායක කාර්යාලයට ස්ථාන මාරු ලබාගෙන ඇති බවටද තොරතුරු වාර්තා වනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu