gossiplanka alexa "මට කොන්ට්‍රෝල් කරන්න පුළුවන් දේ මම කළා. මට කොන්ට්‍රෝල් කරන්න බැරි දේවල් මම කොහොමද කරන්නේ?" - කුලේ රටවෙනුවෙන් පෙනී සිටින්න සූදානම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"මට කොන්ට්‍රෝල් කරන්න පුළුවන් දේ මම කළා. මට කොන්ට්‍රෝල් කරන්න බැරි දේවල් මම කොහොමද කරන්නේ?" - කුලේ රටවෙනුවෙන් පෙනී සිටින්න සූදානම්

ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන් බොහොමයක් දක්ෂ ක්‍රික ක්‍රීඩකයින් ක්‍රිකට් ඉතිහාසයට එක්ව තිබෙනවා. සමහර විට කිසිදු වටිනාකමක් නොලබාම ඔවුන්ගේ දක්ෂතාවයන් සැඟවී තිබෙනවා. මෑතදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් නුවන් කුලසේකර සම්බන්ධයෙන් ද සමජය අතර මෙවන් කතා බහක් ඇතිවුණා. ක්‍රිකට් සමුගැනීමෙන් පාසු මව්බිම පුවත්පත කුලසේකර සමඟ කල සාකච්ච්ඡාව තමයි මේ. 

"එක්දින ක්‍රිකට් වංශකතාව තුළ ජාත්‍යන්තර එක්දින පන්දු යවන්නන්ගේ ශේ්‍රණිගත කිරීම්වල මෙතෙක් පෙරමුණ ගැනීමට සමත්ව ඇත්තේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් තිදෙනකු පමණි. වර්ෂයන් අනුව එම ක්‍රීඩකයන් පෙළ ගැස්සුවහොත් මුත්තයියා මුරලිදරන් 2000 හා 2001 වසරවලදීත්, චමින්ද වාස් 2004 වසරේදීත්, නුවන් කුලසේකර 2009 වසරේදීත් අයි.සී.සී. එක්දින පන්දු යවන්නන්ගේ ශේ්‍රණිගත කිරීම්හි පෙරමුණ ගෙන ඇති නමුත් කුලසේකරගෙන් පසුව මේ දක්වා කිසිදු ශ්‍රී ලාංකික පන්දු යවන්නකුට එක්දින ශේ්‍රණිගත කිරීම්හි අංක එක කෙසේ වෙතත් අංක 5 සීමාවටවත් පිවිසීමට නොහැකි වී තිබේ.

ජාත්‍යන්තර එක්දින පන්දු යවන්නන්ගේ ශේ්‍රණිගත කිරීම්වල පෙරමුණ ගත් මුත්තයියා මුරලිදරන් හා චමින්ද වාස් යන ක්‍රීඩකයන් දෙදෙනාටම එවකට සිටි ක්‍රිකට් බලධාරීන් ගෞරවනීය ලෙස සමුගැනීමට ඉඩ ප්‍රස්තා ලබා දුන්නද ලොව අංක එකේ එක්දින පන්දු යවන්නකු බවට පත්වූ නුවන් කුලසේකරට ඔහු අපේක්‍ෂා කළ සමුගැනීම ලැබුණාද යන්න විමසා බැලිය යුතුය.

කෙසේ වෙතත් සමුගැනීම පිළිබඳවත්, ඉදිරි ගමන පිළිබඳවත් නුවන් කුලසේකරගෙන් දැන ගැනීමට අවශ්‍ය වූ හෙයින් අපි ඔහුව සම්බන්ධ කරගත්තෙමු. 

එක පාරටම සමුගත්තේ ඇයි?

එක පාරටම සමුගත්තේ නැහැ. 2018 වසරේදී තිබුණු සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියට මාව ඇතුළත් කළේ නැහැ. ඒ කාලයේදීම 2019 ලෝක කුසලාන ක්‍රිකට් සංචිතයත් නම් කළා ඒකටවත් මාව සිලෙක්ට් කළේ නැහැ. ඉතින් ඊට පස්සේ මම මොනවද කරන්නේ? ඒත් ඉතින් මම තවදුරටත් සෙල්ලම් කරන්න ඕන නිසා වෙනසකටත් එක්ක 2018 නොවැම්බර් මාසයේ ඉඳලා මේ වසරේ අප්‍රේල් වෙනකල් ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා එහෙ දිස්ත්‍රික් ටීම් එකකට සෙල්ලම් කළා. 

ක්‍රිකට් එපා වුණේ කවුරු හෝ බලපෑම් කළ නිසාද?

බලපෑම් කළේ නැහැ. ඒත් මාව ලෝක කුසලාන සංචිතයට තෝරාගත්තේ නැති නිසයි ඕස්ට්‍රේලියාවේ ගියේ.

මාලිංග හා ඔබ අතර දැඩි මිත්‍රත්වයක් තියෙනවා. ඒක ඇති වුණේ මොන වගේ කාලයේදී ද?

2001 වසරේදී ගාල්ල ක්‍රීඩා සමාජයේ සෙල්ලම් කරන කාලයේදී තමයි අපි දෙන්න අතර යාළුකම ගොඩනැඟුණේ.

සමුගැනීමේ තීරණය පිළිබඳව ඔබ මාලිංගට කිව්වද?

මෙහෙමයි, නුවන් කුලසේකර එක්ක තරගයක් ක්‍රීඩා කරලා සමුගන්න කැමැතියි කියලා මාලිංග වර්ල්ඩ් කප් එකේදී කිව්ව නිසා මම සමුගන්නවා කියලා මාලිංගට කිව්වේ නැහැ. ඒත් මාලිංග එහෙම කිව්ව නිසයි හැම කෙනාටම නුවන් කුලසේකර ගැන මතක් වුණේ. ඒ ගැන මාලිංගට ස්තුතිවන්ත වෙන්න ඕන. එහෙම නැති වුණත් මම 2019 වර්ල්ඩ් කප් එකෙන් පස්සේ සමුගන්න තමයි හිටියේ.

සමුගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් බිරිය මොනවද කිව්වේ?

සාමාන්‍යයෙන් එයා මගේ තීරණවලට ලොකු බලපෑමක් කරන්නේ නැහැ. ඒක නිසා එයත් අකමැත්තක් දැක්වූයේ නැහැ. ඒත් මම මේ සම්බන්ධයෙන් ගෙදර සියලු දෙනා සමඟම කතා කළා. 

ඔබ එක්දින කඩුලු 199ක් ලබාගත් කෙනෙක්. කඩුලු 200 සමාජයට යෑමට නොහැකිවීම සම්බන්ධයෙන් කනගාටුවක් තියෙනවද?

දැන් ඒ සේරම ඉවරයි. කොහොම වුණත් මම සාමාන්‍යයෙන් මට ලැබෙන දෙයින් සතුටු වෙන කෙනෙක්. මම සහභාගි වුණු අවසන් තරගයේදී විනිසුරුවරයා අවුට් එක දීලා රිවිව් (නැවත විමසීමේ ක්‍රමවේදයේදී) එකේදී ඒක නැති වුණා. ඒ තීරණය ලැබුණා නම් මට කඩුලු 200 ගන්න තිබුණා. මොනවා කරන්නද? 

බංග්ලාදේශය සමඟින් පැවැත්වුණු අවසන් තරගයේදී ඔබට ගෞරවයක් දැක්වූවා. ඒ සම්බන්ධයෙන් මොනවද කියන්න තියෙන්නේ?

ඒ ගැන පොඩි සතුටක් තියෙනවා. ඒත් මම විතරක් සතුටු වෙලා මදි. අපේ පළමුවැනි නායක බන්දුල වර්ණපුර සර්ලගේ ඉඳන් මේ වන තෙක් ක්‍රිකට් සෙල්ලම් කරපු අය නිසා තමයි ක්‍රිකට් මෙච්චර දුරට ඇවිල්ලා තියෙන්නේ.  ඉතින් අපේ ප්‍රබල ක්‍රීඩකයෝ නිහඬවම සමුගත් අවස්ථා තියෙනවා. ඒ සමු අරන් ඉන්න ක්‍රීඩකයන්ට මට වගේම හොඳ උපහාරයක් දක්වන්න තිබුණා නම් හොඳයි කියලා මට හිතෙනවා.

ක්‍රිකට් ආයතනය ඔබව ඇගයීමට ලක්කළා මදියි කියලා හිතෙන්නේ නැද්ද?

මෙහෙමනේ, මට බලෙන් ඇගයීමක් ගන්න පුළුවන්ද කියන්නකෝ. මම රට වෙනුවන් ක්‍රීඩා කරලා ගත්ත කඩුලුවලින් තමයි මම ලෝකයේ අංක එක වුණේ. මට කොන්ට්‍රෝල් (පාලනය) කරන්න පුළුවන් දේ මම කළා. මට කොන්ට්‍රෝල් කරන්න බැරි දේවල් මම කොහොමද කරන්නේ?

ඉදිරියේදී විදේශගත වන බවට රාවයක් යනවා ඒක ඇත්තද?

නැහැ. නැහැ. ඒවා බොරු කතා. සෙල්ලම් කරන්න කොහේ හරි ගියොත් ඇරෙන්න මම ඉන්නේ ලංකාවේ. ලංකාවෙන් පිට යන්න අදහසක් නැහැ. 

ලංකාවේ ක්‍රිකට් පරිපාලන හෝ පුහුණුකාර තනතුරක් ලබා දුන්නොත් භාරගන්නේ පරිපාලන තනතුරද? පුහුණුකාර තනතුරද?

මට වේගපන්දු පුහුණුකරුවකු වෙන්න ආශාවක් තියෙනවා. දැනට මම පුහුණුකරු පාඨමාලාවල ලෙවල් 2 කරලා ඉන්නවා. ඉතින් මම ඉගෙන ගත් දෙයක් තව කාට හරි දෙන්න ඕන නම් ඒක තමයි හරි දේ. ඒක තමයි මගෙන් විය යුත්තෙත්. ඒ අනුව ඉදිරියේදී සුදුසු දේ මොකක්ද කියලා බලනවා. 

දේශපාලනයට යන්න අදහසක් තියෙනවද?

අපෝ එහෙම නම් කිසිම අදහසක් නැහැ. 

ඉදිරියේදී මොනවද කරන්න හිතාගෙන ඉන්නේ?

තව ටිකක් ක්‍රීඩා සමාජ තරග (දේශීය) සෙල්ලම් කරනවා. ඒ වගේම රටෙන් පිට තරග තියෙනවා නම් ඒවත් සෙල්ලම් කරනවා. 

මේ ගමන මෙච්චර දුර ඒමට සහයෝගය ලබා දුන්නේ කවුද?

මම ශිෂ්‍යත්වය වෙනකම් අධ්‍යාපනය ලැබුවේ රන්පොකුණගම කනිෂ්ඨ විදුහලේ. ශිෂ්‍යත්වයෙන් පස්සේ අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා කිරිඳිවැල මධ්‍ය මහා විදුහලට ගියා. ඊට පස්සේ උසස් පෙළ කරන්න ගම්පහ බණ්ඩාරනායක විදුහලට ඇතුළත් වුණා. බණ්ඩාරනායක විදුහලට ඇතුළත් වුණු මුල් කාලෙදීම ක්‍රිකට් ගහන්න කැමැති අය එන්න කියලා දැන්වීමක් ගහලා තිබුණු නිසා ප්‍රැක්ටිස්වලට ගියා. එතැනදී තමයි මම මුල් වරට ලෙදර් පන්දුවකින් ක්‍රීඩා කළේ. ඒ කියන්නේ ඒ වෙනකම් මම හාඩ් බෝල් (ලෙදර් පන්දු) සෙල්ලම් කරලා තිබුණේ නැහැ. ලංකාව වටේම ගිහින් සෙල්ලම් කරලා තිබුණේ සොෆ්ට් බෝල් (ටෙනිස්) විතරයි. ඊට පස්සේ මම ක්‍රිකට් ගහනවා දැකපු ශම්මි ප්‍රසන්න ලියනගේ අයියා මාව නුගේගොඩ ක්‍රීඩා සමාජයට එක්කරගෙන ගිහින් කවීන්ද්‍ර ලියනගේ අයියට හඳුන්වා දුන්නා. ඒ දවස්වල ඒ ක්ලබ් එකේ නායකයා වෙලා හිටියේ චන්දික විජේසුන්දර. එතැනින් එහාට චම්පක රාමනායක සර්, අනුෂ සමරනායක අයියා මගේ හැකියාවන් තේරුම් අරන් මාව හරි පාරට යොමු කළා. ප්‍රභාත් නිශ්ශංක, චමිල ගමගේ, දර්ශන ගමගේ, කනිෂ්ක අමරසිංහ වගේම අම්මා, තාත්තා, අයියා, නංගි, බිරිය, මගේ යාළුවෝ, සියලුම පුහුණුකරුවන් මතක් කරන්නම ඕන. ඒ වගේම මගේ පෞද්ගලික කළමනාකරුවන් වන චාලි ඔස්ටින් සහ ශ්‍යාම් යන මහත්වරුන්ටත් මට ක්‍රිකට් ආම්පන්න ලබාදුන් සියලුදෙනාවත් මේ අවස්ථාවෙදි මතක් කරන්නම ඕන.

මාලිංග සමඟ එකතු වෙලා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් මොනවා හෝ දෙයක් කරන්න හිතාගෙන ඉන්නවද?

ඇත්තටම ලංකාවට ක්‍රිකට් ගහපු නිසයි අපට මේ හැම දෙයක්ම ලැබුණේ. ඉතින් මම ලංකාව වෙනුවෙන් ඒ ණය ගෙවිය යුතුයි. ඉතින් කාටහරි අපෙන් මොනවා හරි දැනුමක් ගන්න ඕන නම් කිසි ප්‍රශ්නයක් නැතිව අපි ඒක දෙනවා. අපි ඉගෙන ගත්ත දේ ලංකාවේ ක්‍රීඩකයන්ට දෙන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ අපි ඒක දෙනවා. 

පුතාලා දෙන්න ක්‍රිකට්වලට යොමු කරනවද?

අනිවාර්යයෙන්ම සෙල්ලම් කරවනවා. ඒත් මම කිසිම බලපෑමක් කරන්නේ නැහැ. ක්‍රිකට්වලට අමතරව මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, පිහිනුම් වගේ දේවල්වලට යොමු කරනවා. කොහොම වුණත් ඒ අයගේ දක්‍ෂතා අනුව මොන පැත්තකට හරි යොමු වෙයි. 

අවසන් වශයෙන් කියන්න තියෙන්නේ මොනවද?

මාධ්‍යකරුවන් වශයෙන් ඔබලත් හරි දේ හරියට ලියන්න, වැරැදි දේ වැරැදි විධියට දකින්න. එහෙම වුණොත් රටක් වශයෙන් අපට ඉදිරියට යන්න පුළුවන් වේවි. ඒ වගේම ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ගෙන් මම ඉල්ලන්නේ ක්‍රිකට්වලට ආදරය කරන්න, ක්‍රිකට් බලන්න. අපේ ක්‍රීඩකයන් තනි කරන්න එපා. හැමදාමත් ඔවුන් ළඟ ඉන්න කියලයි. "


විචිත්‍ර වීරසිංහ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu