gossiplanka alexa 'මම ක්‍රිකට් ගැහුවෙත් සන්තෝසයෙන් සමුගෙන යන්නෙත් සන්තෝසයෙන්" - කුලේ මාධ්‍යවෙත කියූ කතාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

'මම ක්‍රිකට් ගැහුවෙත් සන්තෝසයෙන් සමුගෙන යන්නෙත් සන්තෝසයෙන්" - කුලේ මාධ්‍යවෙත කියූ කතාව

මන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව කොළඹ කොල්ට්ස් ක්‍රීඩා පිටියේදී පවතී විශේෂ මාධ්‍ය හමුවක් අමතමින්  නුවන් කුලසේකර නිල වශයෙන් අද (24) ප්‍රකාශ කර සිටියා. 

"මම මේ නිවේදනය කරන්න හිටියේ ලෝක කුසලානය ඉවරවෙනවත් සමඟම. නමුත් ලසිත් මාලිංග ලෝක කුසලාන තරඟාවලිය අතර තුර දී විශේෂ ප්‍රකාශයක් කලා ඔහු ලංකාවේ පැවැත්වෙන එක් දින තරඟයකින් සමුගන්න කැමතිය් කියලා. ඒ ප්‍රකාශයත් එක්ක මම ක්‍රිකට් ආයතනයට ඒ ගැන සලකලා බලන්න කියලා ලිපියක් දුන්නා. ඒ නිසයි මේ නිවේදනය කරන්න ප්‍රමාද වුණේ. 

ලසිත් මාලිංගට මම ස්තූතිවන්තවනවා මාව නැවත  මතක් කර දීම සම්බධව. එයාගේ ප්‍රකාශයත් එක්ක තමයි මං ගැන සමාජයේ කතා බහ ඇති වුණේ. මාම් හිතන්නේ ක්‍රීඩකයෙක් තවත් ක්‍රීඩකයෙක් ගැන කතා කරන එක ඉතාමත් හොඳ ගුනයක්. ඒක ලසිත් පළවෙනි පාර කරපු දෙයක් නෙමේ.

මට මේ හැමදෙයක්ම හම්බුනේ ක්‍රිකට් නිසා. මම මේ ක්‍රීඩාවට ගොඩක් ආදරෙයි. මම ආඩම්බරවෙනවා සතු‍ටුවෙනවවා මගේ කණ්ඩායම සහ රට වෙනුවෙන් සේවයක් කරන්න පුළුවන් වීම ගැන . ඒ වගේම මම ලංකාවේ 100 වෙනි ටෙස්ට් ක්‍රීඩකයා. ඒක වාසනාවක්. 

මගේ මේ ගමනට උදව් කළ හැම දෙනාටම ස්තූතිකරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා. මම ඉල්ලීමක් කළා ක්‍රිකට් ආයතනයෙන් මට අවසන් තරගය සෙල්ලම් කරන්න දෙන්න කියලා. නමුත් මේ වෙද්දී මගේ නමින් අවසාන තරගය නම් කරලා තියනවා. හැබැයි මම හිතන්නේ නෑ මට සෙල්ලම් කරන්න දේවි කියලා. මොකද සංචිතයේ 22 දෙදෙනා නම් කරලා ඉවරයි. ඉතින් ඒකෙ මගේ නම නැහැ. ඒක හින්දා මම හිතන්නේ නැහැ මට සෙල්ලම් කරන්න ලැබෙයි කියලා. 

මම ක්‍රිකට් ගැහුවෙත් සන්තෝසයෙන් සමුගෙන යන්නෙත් සන්තෝසයෙන්."
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu