gossiplanka alexa විදුහලකට බලෙන් ඇතුළුවීමට උත්සහ කළ පුද්ගලයෙකුට හමුදාවෙන් වෙඩි තබයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදුහලකට බලෙන් ඇතුළුවීමට උත්සහ කළ පුද්ගලයෙකුට හමුදාවෙන් වෙඩි තබයි

ක්මීමන මානවිල් ප්‍රදේශයේ පිහිටි උපනන්ද කණිෂ්ඨ විද්‍යාලයට අද (04) දහවල් බලහත්කාරයෙන් ඇතුළුවීමට තැත් කළ පුද්ගලයෙකුට යුද හමුදාව විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එම විද්‍යාලයේ යුධ හමුදා නිලධාරීන් දෙදෙනෙකු ආරක්ෂක රාජකාරීවල යොදවා සිටින අතර විදුහලේ එක් දොරටුවක් ආසන්නයේ රාජකාරී සඳහා යොදවා සිටි නිලධාරියෙකු විසින් මෙලෙස බලහත්කාරයෙන් විදුහලට ඇතුල්වීමට උත්සහ කළ පුද්ගලයෙකු නතර කර පරීක්ෂා කිරීමට උත්සහ කර තිබෙනවා. 

එහිදී හමුදා නිලධාරියාට බාධා කරමින් ගිනි අවිය උදුරා ගැනීමට එම පුද්ගලයා උත්සහ දරා තිබෙනවා.

එම අවස්ථාවේදී යි හමුදා නිලධාරිය විසින් ඔහුට වෙඩි තබා තිබෙන්නේ. සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවත් මරණකරු වයස අවුරුදු 39ක පුද්ගලයෙකු බවත් සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu