gossiplanka alexa ඔබ පාට පාට මල් මල් කුඩද භාවිතා කරන්නේ ? එහෙනම් ඔබේ ජීවිතය ගැන දෙපාරක් සිතන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඔබ පාට පාට මල් මල් කුඩද භාවිතා කරන්නේ ? එහෙනම් ඔබේ ජීවිතය ගැන දෙපාරක් සිතන්න

පාට පාට කුඩ, මල් මල් කුඩ, විවිධ රටා වලට, විවිධ හැඩතලවලට, දැඩි අලංකාරය නිසා ඇස් නිලංකාර වෙලා යන මට්ටමට කුඩ වර්ග මිලදී ගන්න අපි කවුරුත් කැමතියි. තවත් සමහර අය කළු කුඩ විතරක්ම පාවිච්චි කරනවා. මේ එක එක ජාතියේ කුඩ වර්ග අතරේ ඔබ වඩාත් කැමති කුමන කුඩයකට වුණත් වැස්ස වහින වෙලාවට වඩා අව්ව තියෙන වෙලාවට නම් කුඩයක් ඉහළන කොට තරමක් පරිස්සම් වීම තමයි හොඳ.

ඒකට හේතුව තමයි අපි පාවිච්චි කරන කුඩවල රෙද්ද බොහෝ වෙලාවට තුනී නිසා ඒ හරහා අහිතකර සූර්ය කිරණ එහෙමත් නැත්නම් පාරජම්බුල කිරන ගමන් කරන්නට පුළුවන් නිසා. මල් මල්, පාට පාට කුඩ බොහොමයක් ඉතා තුනී රෙදි වලින් තමයි හදලා තියෙන්නේ. ඒ නිසා අපේ සමට එවැනි අහිතකර සූර්ය කිරණවලින් තර්ජනයක් ඇති වෙන්නත් පුළුවන්.  කුඩයක් මිලදී ගන්න විට ඒ කුඩ පාරජම්බුල කිරණ පරාවර්තනය කරන ඒවාද නැද්ද කියලා හොඳට හොයලා බලන්න ඕන.

මතුපිට අළු පාටින් සහ ඇතුල් පැත්ත කළු පාටින් යුත් කුඩවලට හිරු කිරණ පරාවර්තනය කරන්නට පුළුවන්. එ වගේම මේ කුඩවල රෙද්ද හොඳ ඝනකමින් යුක්ත වෙනවා. ඒ වගේ කුඩ භාවිතා කරන එක ශරීර සෞඛ්‍යයට හිතකරයි. ඒ හින්දා මීට පස්සේ නම් කුඩයක් පාවිච්චි කරන කොට කුඬේ තියෙන ලස්සන විතරක් නෙමෙයි. සෞඛ්‍යටත් හිතකරද කියලා බලන්නත් මතක තියාගන්න.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu