gossiplanka alexa එංගලන්ත නවසීලන්ත තරඟය අතරතුර නවසීලන්ත ක්‍රීඩකයින්ට සමච්චල් කිරීමට පිටියට පැමිණි නිරුවත් ප්‍රේක්ෂකයා - PHOTO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එංගලන්ත නවසීලන්ත තරඟය අතරතුර නවසීලන්ත ක්‍රීඩකයින්ට සමච්චල් කිරීමට පිටියට පැමිණි නිරුවත් ප්‍රේක්ෂකයා - PHOTO

එංගලන්තය අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබමින් ඊයේ එංගලන්තය සහ නවසීලන්තය අතර පැවති ක්‍රිකට් තරගය අතරතුර අමුතු සිදුවීමක් ගැන වාර්තා වුණා. ඒ තරගය අතරතුර එක්වරම කොළ පාට තොප්පියක් පමණක් පැළඳ ගත්ත ශරීරයේ නූල් පොටක්වත් නැති නිරුවත් පුද්ගලයෙක් ක්‍රීඩා පිටියට දිව යාම. එතන හිටපු ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙක් මේ නිරුවත් මිනිහව අල්ලලා ක්‍රීඩාංගණයෙන් එලියට ඇදලා දන්නා සමත් වෙලා තියනවා.

නවසීලන්ත පිතිකරුවන් වන  Tom Latham සහ Mitchell Santner ඉදිරිපිට නරඹමින් සිටි ප්‍රේක්ෂකයා එක්වරම කඩුල්ල දෙසට පනින්නට වූ බවත් ඔහු මෙසේ පැමිණෙන තුරුම ආරක්ෂාව ඉතා මන්දගාමී වූ බවත් එරට මාධ්‍ය වාර්තා කරනවා.

නවසිලන්ත පිතිකරුවන් දෙදෙනා ඇතුළු සියලු ක්‍රීඩකයින් නොදන්නා මේ පුද්ගලයාගේ නොහොබිනා ක්‍රියාව දෙස පුදුමයෙන් බලා සිට ඇති අතර ඔහු ප්‍රේක්ෂකාගාරය දෙසට අත වනමින් ඔවුන්ට ආචාර කිරීමටද පටන් ගෙන ද තිබෙනවා. මෙම පුද්ගලයා තණ තීරුව ආක්‍රමණය කරමින් ක්‍රීඩකයන් ආසලට ගොස් ඔවුන්ට සමච්චල් කරන්නට පටන්ගෙන ඇති අතර ආරක්ෂකයින් ඔහු ඉවතට ගෙන යාමට පියවර ගෙන ඇත්තේ ඊට බොහෝ වේලාවකට පසුව බවයි පැවසෙන්නේ. 

ප්‍රේක්ෂකාගාරය සිනහසෙමින් ඔල්වරසන් දෙමින් ඔහු දෙස බලා සිට ඇති අතර ආරක්ෂයක් පැමිණ ඉතා අමාරුවෙන් ඔහු සමග පොර බදා පිටියෙන් ඉවතට අද ගිය බවයි වාර්තා වන්නේ. පිටියෙන් ඉවත්ව යාමේ කිසි සුදානමක් නොවූ ඔහු ආරක්ෂකයින් සමග පොර බදා ඇති බවද දැකගන්නට ලැබුනා. 

කෙසේ වෙතත් සමහර ප්‍රේක්ෂකයින් පවසන්නේ මේ මොහොත එදා දවසේ ලොකුම ප්‍රීතියට හේතුව වූ අතර මෙම මිනිසා තුල ආරක්ෂකයින් මග හැරීමට තිබූ හැකියාව ප්‍රශංසා කළ යුත්තක් බවයි. මේ අතර එම නිරුවත් පුද්ගලයාගේ සිත් ඇදගන්නා සුළු බව නවසීලන්තයේ ලකුණු හඹා යෑමට වඩා සිත් ඇදගන්නා සුළු වීම නවසීලන්තය ලැජ්ජාවට පත්විය යුතු කාරණයක් බවද සමහර ප්‍රේක්ෂකයන් පවසා තිබුණා.











ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu