gossiplanka alexa පාසැල් යන දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇත්දැයි දැනගැනීමට ඉඟි කිහිපයක් - පාසැල් දරුවන් අතර මත්ද්‍රව්‍ය සීඝ්‍රයෙන් පැතිරයාමේ වර්ධනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාසැල් යන දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇත්දැයි දැනගැනීමට ඉඟි කිහිපයක් - පාසැල් දරුවන් අතර මත්ද්‍රව්‍ය සීඝ්‍රයෙන් පැතිරයාමේ වර්ධනයක්

න්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ප‍්‍රතිකාර හා පුනරුත්තාපන අධ්‍යක්‍ෂ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මහතා පවසන්නේ කෘතිම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ලක්ෂකට වැඩි තරුණ පිරිසක් මෙරට තුළ සිටින බවයි.

ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේ,

"කෘතිම මත්ද්‍රව්‍ය වගේ දේවල්වලින් ශරීර සෞඛ්‍යයට ඇති හානිය ඉතා විශාලයි. මං පුනරුත්ථාපන මධ්‍යස්ථාන 30ක් පාලනය කරනවා. බන්ධනාගාර 10ක මත්ද්‍රව්‍ය වැඩසටහන් කරනවා. කෘතිම මත්ද්‍රව්‍ය නිසාවෙන් මන්ද බුද්ධික ළමයි, මනසික ලෙඩ්ඩු ලංකාවේ බිහිවෙලා තියෙනවා. ඒ වගේම තමයු කෘතිම මත්ද්‍රව්‍ය හින්දා දත් 32න් එක දතක්වත් නැතුව ඉන්න කෙනෙක් ඉන්නවා. වයස 30යි. මේ වගේ විපත්තිකාරී තත්ත්ව මත්ද්‍රව්‍ය නිසා විශාල වශයෙන් සිද්ධවෙලා තියෙනවා. ලංකාවේ පුරාම මේ තත්ත්වෙ තියෙනවා. වැඩිපුරම මේ තත්ත්වය දකින්න තියනවා රාජගිරිය, ඔබේසේකරපුර පැත්තේ එහෙම. කොළොන්නාව, ගොත‍ටුව, වැල්ලම්පිටිය, මුල්ලේරියාව, කියන්නෙත් මේ මත්ද්‍රව්‍ය ප්‍රචලිතම ප්‍රදේශ ටිකක්. ඊලඟට මෝදර ඉදලා ග්‍රෑන්ඩ්පාස්, තොටළඟ, සිංහපුර කියන ප්‍රදේශවලත් තියෙන්නෙ මේ මත්ද්‍රව්‍ය තමයි. මහ විනාශයක් වෙලා තියෙන්නෙ මේ මත්ද්‍රව්‍ය නිසා මේ ප්‍රදේශවල" 

'ඉස්සරනම් තිබුණෙ හෙරොයින්, ගංජා වැනි දේවල්. ඒ වගේම දුම් බීම වැනි දේවල්. සිඅග‍රැට් එකෙන් තමයි මේක පටන් අරන් ගමන් කරන්නෙ. වර්තමානයේ කෘතිම ටැබ්ලට් වර්ග, ඒ වගේම ලෝකෙම විනාශවන කෘතිම මත්ද්‍රව්‍ය සම්භාරයක් තියනවා. මේකට කියන්නෙ අයිස් කියලා. මේකෙ ඇත්ත නම methyl amphetamine. මෙකෙන් ඇමරිකාවේ 2017 දි 47,000ක් මැරිලා තියනවා. 2015 දි 52,000ක් මැරිලා තියනවා. 2016 දි 75,000ක් මැරිලා තියනවා. 2018 දි 85,000ක් මැරිලා තියනවා. මි.ග්‍රෑ. 2ක වගේ මැරෙන මට්ටමේ කෘතිම මත්ද්‍රව්‍ය ප්‍රචලිතයක් තියනවා ලෝකයේම. මේවා ටිකෙන් ටික අපේ ලංකාවටත් අවතීරණය වෙලා තියනවා ඒවා වළක්වා ගැනීම තමයි අපිට අත්‍යාවශ්‍ය වෙලා තියෙන්නේ. මේක වළක්වා ගැනීමට කරන්න තියෙන ප්‍රධානම දේ තමයි ළමා පරපුරට මේ මත්ද්‍රව්‍යවල ආදීනව පැහැදිලි කරලා දීලා ඔවුන් විසින්ම මේවා ප්‍රතික්ෂේප කරන මට්ටමට ඔවුන්ගේ මනස හැදීම"

කෘතිම මත්ද්‍රව්‍ය භාවිත කරන අයෙකු හඳුනා ගන්නා ආකාරය සහ එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබඳව ද මෙහිදී පැහැදිළි කෙරුණා. 

එහිදී "දරුවන් මත්ද්‍රව්‍යවලට පෙළඹෙන්නේ ඒ සඳහා අවස්ථාවක් ලැබුණු විට. ඒ නිසා දෙමාපියන්ගේ වගකීම තමයි ඒ සඳහා අවස්ථාවක් නොලැබෙන ලෙස කටයුතු කිරීම. මත්ද්‍රව්‍ය වෙත යම් දරුවෙකු ඇබ්බැහි වූ සැනින් දෙමාපියන්ට එය සොයා ගත නොහැකි වුවත් දරුවාගේ වෙනස්කම් පහසුවෙන් හඳුනාගත හැකියි. දරුවාගේ සාමාන්‍ය හැසිරීම් රටාව වෙනස් වෙනවා, ගමන් බිමන් යන ආකාරය, නිදා ගන්න වේලාව,  ආහාර ගැනීමේ රටාව..මේ වගේ දරුවාගේ ඉතාම සුළු වෙනසක් දෙමාපියන්ට ඉක්මණින් දැන ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ වගේ වෙනසක් දැනුනොත් අපිට ක්ෂණිකව දැනුම් දෙන්න පුළුවන්. අපි එකවරම නීතිය ක්‍රියාත්මක කරන්නෙ නෑ.. දරුවා සම්බන්ධයෙන් විමසිලිමත්වීමක් කරලා..ඔහුට හානියක් නොවෙන්න.. ක්‍රමාණුකූලව දරුවා ඉන් ගලවා ගන්න කටයුතු කරනවා." යනුවෙනි.















ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu