gossiplanka alexa කිරින්ද මුහුදේ රළ පහර සැරට එකම පවුලේ තිදෙනෙක් බිලි වේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කිරින්ද මුහුදේ රළ පහර සැරට එකම පවුලේ තිදෙනෙක් බිලි වේ

හැටන් ප්‍රදේශයේ පෞද්ගලික බැංකු ශාඛාවක සේවය කරන පිරිසක් විනෝද චාරිකාවකට සහභාගී වී සිටින අතර තුර සිදු වූ ඉතා ඛේදනීය සිද්ධියක් අද කිරින්ද ප්‍රදේශයෙන් වාර්තා වුණා. එනම් එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනෙක් මුහු දු රකුසාට ගොඳුරු වීම. දියණියන් දෙදෙනාගේ මවත් බරපතළ තත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබන බව තමයි වාර්තා වන්නේ.

මෙම විනෝද චාරිකාව සඳහා විසි දෙනෙකු එක්ව සිටියා.  පලටුපාන හෝටලයක නවාතැන් ගෙන සිටි එම කණ්ඩායමේ හය දෙනකු අද (23)උදෑසන 7.30ට පමණ රළපෑගීම සඳහා මුහුදු තීරයට ගොස් ඇති අතර අනපේක්ෂිත ලෙස පැමිණි සැඩ රළ පහරකට ඉන් සිව්දෙනෙකු ගසා ගෙන ගොස් තිබුණා. අවට පිරිස් එක්ව, දියේ ගසා ගෙන ගිය සිව්දෙනා වහා වෙරළට රැගෙන ඒමට කටයුතු කලත්  ඔවුන්ගෙන් තිදෙනෙකුම පසුව ජීවිතක්ෂයට පත්වුණා. ඒ ඔවුන්ව තිස්සමහාරාම මූලික රෝහලට සහ කිරින්ද ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.

හැටන් හී පදිංචි 38 හැවිරිදි නුවන් ජයසූරිය, 04 හැවිරිදි නදීෂා ජයසූරිය සහ 06 හැවිරිදි සහලා ජයසූරිය මෙලෙස මිය ගිය තිදෙනා වනවා. දැරියන්ගේ මව වන 33 හැවිරිදි හෂිනි ප්‍රේමසූරිය බරපතළ තත්වයෙන් පසු වූ හෙයින් තිස්සමහාරාම මූලික රෝහලට ඇතුළත් කෙරුණත් එහි දැඩි සත්කාර ඒකකයක් නොතිබිම නිසා පසුව ඇයව හම්බන්තොට මූලික රෝහලට ඇතුළත්කිරීමට තීරණය කලා. එහෙත් අවාසනාවට හම්බන්තොට මූලික රෝහලේද රෝගීන් පිරී පැවතීම නිසා රෝහල් පාලනාධිකාරිය තීරණය කළේ ඇයව අම්පාර මහ රෝහල වෙත මාරු කර යැවීමටයි.

ඒ අනුව රෝහලේ පැය හතරක පමණ කාලයක් ගත කළ පසුවත්, තවත් පැය කිහිපයක් වැය කරමින් සවස 2.45ට පමණ ඇයව අම්පාර මහ රෝහල වෙත ගෙන යාමට හැකිව තිබෙනවා. මිය ගිය තිදෙනාගේ මළ සිරුරු මේ වන විට තිස්සමහාරාම සහ කිරින්ද රෝහල් වල තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව ඥාතීන්ට භාරදීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu