gossiplanka alexa මෙරට බහු දින යාත්‍රා වලට මෙරට ලියාපදිංචි විදෙස් නැව් වලින් පහර දීම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෙරට බහු දින යාත්‍රා වලට මෙරට ලියාපදිංචි විදෙස් නැව් වලින් පහර දීම්

මස්ථ ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය සදහන් කරන්නේ ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීම සඳහා ගිය බහුදින යාත්‍රා 10 කට පමණ නැව් කීපයක් විසින් පහර දීම් ආරම්භ කර ඇතැයි බවයි. 

පහර කෑමට ලක්ව ඇත්තේ මෙරට ලියා පදිංචි බහු දින යාත්‍රා වන සෙහාන් සෙනුර, සදලි, සුභාෂි, ක්ලෝඩියා, ඊශානි, රූටි බබා, රාංකුරුල්ලා, හිරුණි 01 යන ධීවර යාත්‍රා බවට ගුවන් සංඥා මගින් කරන ලද විමසීම් වලදී හදුනා ගෙන තිබෙන අතර මෙරට ලියාපදිංචි විදේශීය රටවල් වලට අයත් නැව් වලින් මෙම පහර දීම් සිදු කරන බවට සමස්ථ ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය චෝදනා කරනවා.

මෙම පහර දීම සිදු කර ඇත්තේ ජාත්‍යන්තර මුහුදේ මසුන් බහුලව සිටින ස්ථානයකදී බව වාර්තා වනවා. පහර කෑ ධීවර යාත්‍රා වල මෙරට ධීවරයින් 70 ක් පමණ සිටින බවද සඳහන්. ඊයේ (23) දිනයේදී නැව් වල සිට යකඩ කැබලි වලින් පහර දීම හේතුවෙන් එක් බහු දින යාත්‍රාවක සිටි ධීවරයින් තිදෙනෙකුද තුවාල ලබා ඇති බව ද ඔවුන් පවසනවා. 

මේ සම්බන්ධයෙන් බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය විසින් ධීවර දෙපාර්තමේන්තුවට,වෙන්නප්පුව සහ මාරවිල පොලීසිය වලටද පැමිණිළි කර තිබෙනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu