gossiplanka alexa ඉන්දියාවේ මෝදිගේ ජයග්‍රහණය ගැන අනාවැකි කියූ සාමිවරයාගෙන් ලෝක කුසලානය ගැන අනාවැකියක් - ලංකාවෙ නමත් තියනවා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දියාවේ මෝදිගේ ජයග්‍රහණය ගැන අනාවැකි කියූ සාමිවරයාගෙන් ලෝක කුසලානය ගැන අනාවැකියක් - ලංකාවෙ නමත් තියනවා

2019 ලෝක කුසලාන අවසන් තරඟයට සුදුසුකම් ලබන්නේ කුමන රට ද යන්න කාගෙත් අවධානය ලබා සිටින කරුණක්. ඒ ගැන නොයෙකුත් අනාවැකි පලවවනවා. 

ඉන්දියාවේ බලගතු මන්ත්‍රාචාර්‍ය වරයෙක් වන බබා රම්දේව් ද එවන් අනාවැකි පලකර තිබෙනවා. බබා රම්දේව් සාමිවරයා පසුගියදා පැවති ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඇගමැති නරේන්ද්‍ර මෝදි ජයග්‍රහණය කරන බව පැවසූ අතර එය එසේම සිදුවුණා.

තවද 2015 ලෝක කුසලාන අවසන් තරගයට සුදුසුකම් ලබන කන්ඩායම් දෙක ලෙස ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය බව ඔහු අනාවැකියක් පළකල අතර එය සත්‍ය වූ පසු ඔහු ඉන්දියාවේ බෙහෙවින් ප්‍රසිද්ධියට පත්වුණා.

මෙවර ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නේ එංගලන්තය, නවසීලන්තය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව බව එම සාමිවරයා අනාවැකි පලකර තිබෙනවා. ලෝක කුසලානය දිනන රට ගැන ඔහු තවමත් ප්‍රකාශයක් සිදු නොකරන බවත් ඔහුගේ මෙම අනාවැකිය සත්‍ය වූ පසු ලෝක කුසලානය දිනාගන්නා රට ගැන අනාවැකිය කියන බවත් ඔහු පවසා සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu