gossiplanka alexa මුස්ලිම් දේශපාලකයන් අතර ඇති එකමුතුබව සුළු පටු කරුණක් නෙමේ. ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් ජාතිය යනු සුළු ජාතියක් වුවද ලෝකයේ බහුතරය නියෝජනය කරන ජාතියක් - එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුස්ලිම් දේශපාලකයන් අතර ඇති එකමුතුබව සුළු පටු කරුණක් නෙමේ. ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් ජාතිය යනු සුළු ජාතියක් වුවද ලෝකයේ බහුතරය නියෝජනය කරන ජාතියක් - එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා

යේ (07) කාත්තන්කුඩි ප්‍රදේශයේ පල්ලියකදී ප්‍රකාශයක් කරමෛන් හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර .එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් ජාතිය යනු සුළු ජාතියක් වුවද ලෝකයේ මුස්ලිම් ජාතීන් බහුතරය නියෝජනය කරන ජාතියක් බවයි.  

"පසුගිය සමයේ රට තුළ උත්ගත වූ තත්ත්වය හේතුවෙන් මේ වන විට ලාංකික ධනවත් පවුල් 7000ක් පමණ රට හැර යාමට පියවර ගෙන තියෙනවා. එසේම පාස්කු ඉරිදා සිදුවු ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මුස්ලිම් වැසියන් 2000ක් පමණ මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් 125ක පමණ පිරිසක් ඊට සම්බන්ධ නමුත් අනෙක් පිරිස අහිංසක මුස්ලිම් ජනයා යි.


ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ අත්අඩංගුවට ගැනීම් වලදී කුරානය, ඉස්ලාම් පාඨයන් ආදිය පවා ළඟ තබාගත් පුද්ගලයන් අත්අඩංගුවට ගත්තා. නමුත් මුස්ලිම් ප්‍රජාවගේ වෙළඳසැල්, නිවාස විනාශ කර ගැටුම් ඇති කළ පුද්ගලයන් නිදහස් කර තිබෙනවා.

මුස්ලිම් මැති ඇමතිවරුන් ත්‍රස්ත ක්‍රියා සමඟ සම්බන්ධ බවට චෝදනා එල්ල කළත් ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කිසිදු මුස්ලිම් ඇමතිවරයෙතු ඊට සම්බන්ධ බවට සාක්ෂි නොමැති බව ප්‍රකාශ කළා.

මුස්ලිම් දේශපාලකයන් අතර ඇති එකමුතුබව සුළු පටු කරුණක් නෙමේ. මා නියෝජනය කරන ප්‍රදේශය මෙන් බහුතර මුස්ලිම් ප්‍රජාවක් සිටින ප්‍රදේශයකින් මගේ ඉල්ලා අස්වීම සුළු දෙයක් වුණත් බහුතර සිංහල ප්‍රජාව සිටින ප්‍රදේශවලින් බලයට පත් රවුෆ් රහීම්, කබීර් හෂීම්, හලීම් වැනි ඇමතිවරුන්ගේ ඉල්ලා අස්වීම විශාල ගැටලුවක්" යයි හිටපු ආණ්ඩුකාරවරයා වැඩි දුරටත් කියා සිටියා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu