gossiplanka alexa මූලික යෝජනා තුනක් ගෙන එමින් රනිල්,කරු,සජිත් සාකච්ඡා කර තීරණයක් ගනී,

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මූලික යෝජනා තුනක් ගෙන එමින් රනිල්,කරු,සජිත් සාකච්ඡා කර තීරණයක් ගනී,

ක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස පත් කරන්නේ කවුද යන්න මේ දිනවල කාගෙත් කතා බහට ලක්වන කාරණයක්. එම අර්බුදය විසඳීමට ඊයේ රාත‍්‍රියේ අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, ඇමති සජිත් ප්‍රේමදාස අතර සාකච්ඡාවක් පැවතුණා.

එම සාකච්ඡාවලදී මූලික ‌යෝජනා 3ක් ඉදිරිපත්ව තිබෙනවා.

එළැඹෙන ජනාධිපතිවරණ අපේක්‍ෂක ලෙස සියළු දෙනාගේම සහයෝගයෙන් පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ ඉදිරිපත් වීම පළමු යෝජනාවයි.

එජාපෙ බෙදීම වළක්වා ගැනීමට සියල්ලන් එක් කරගැනීම සඳහා ජනාධිපති අපේක්‍ෂත්වය කරු ජයසූරිය මහතාට ලබා දීම දෙවැනි යෝජනාවයි. අවසන් යෝජනාව වී ඇත්තේ එජාප නායකත්වය සජිත් ‌ප්‍රේමදාස මහතාට ලබා දීමට දිනයක් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සම්මත කර ගැනීමයි. ඒ සමගම ජනාධිපති අපේක්ෂක කවුදැයි යෝජනාවද සම්මත කිරීමට නියමිතයි. ‌

ජනාධිපති අපේක්‍ෂක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ නම් අගමැති අපේක්‍ෂක ලෙස සජිත් ‌ප්‍රේමදාස මහතා නම් කිරීමට යෝජනා වී ඇත. කෙසේ වෙතත් පක්‍ෂ කායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දීමට යෝජනා වී ඇත්තේ 2024දීය.

මෙම යෝජනා පිළිබඳව අවසන් තීන්දුවක් මෙතෙක් ගෙන නොමැති අතර අද දිනයේද මේ ගැන සාකච්ඡා කිහිපයක්ම පැවැත්වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu