![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
අද දිනයේ දී පැය 4යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතව තිබුණත් එම කාලය අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ ස්වාධීනවන මන්ත්‍රීවරුන් ගණන තවදුරටත් පහළ යනු ඇති බව ආරංචි මාර්ග පවසනවා. අද දිනයේ රැස්වන පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත අතර ඉන්…
දැනට දීර්ඝ කාලයක් පුරා පවතින දෛනික විදුලි කප්පාදුව තවත් පැය 02කින් හෝ අඩු කර ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලයේ අවධානය යොමුව පවතිනවා. ඒඅනුව IOC සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 6000ක් ලබා ගැනීමට සැලසුම් කර ඇති බවයි පැවසෙන්නේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ ඊට අනුබද්ධ ආයතනවලට අනුයුක්ත කර ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුරු සංඛ්‍යාව අඩු කිරීමට එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයෙකු දිගින් දිගටම බලපෑම් කරමින් සිටින බව වාර්තා වනවා.
පා න් ගෙඩියක මිල ඉහළ දැමීම සිදු කළ නොහැකි නිසා පාන් ගෙඩියක අනුමත බර ප්‍රමාණය අඩු කරන ලෙස බේකරි හිමියන්ගේ සංගමය රජයට යෝජනා කරනවා. එසේ කළහොත් පාන් ගෙඩියක මිල අඩු කිරීමට හැකි වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.