gossiplanka alexa මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සංඛ්‍යාව අඩු කරන වෑයමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සංඛ්‍යාව අඩු කරන වෑයමක්

සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ ඊට අනුබද්ධ ආයතනවලට අනුයුක්ත කර ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුරු සංඛ්‍යාව අඩු කිරීමට එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු දිගින් දිගටම බලපෑම් කරමින් සිටින බව වාර්තා වනවා. 

සෞඛ්‍ය අමාත්‍යවරයා සහ උසස් නිලධාරීන් සමඟ 2022 ජනවාරි 04 දින පැවති සාකච්ඡාවක දී මධ්‍යම රජය යටතේ  සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුරු සංඛ්‍යාව කප්පාදු නොකිරීමට ඇමතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. නමුත් මහජන සෞඛ්‍ය භාරව කටයුතු කරන අදාළ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඔහුගේ යටතේ සිටින නිලධාරීන්ට බලපෑම් කරමින් එම තනතුරු සංඛ්‍යාව අඩු කිරීම සුදුසු බව ලිඛිතව යෝජනා ලබා ගනිමින් සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

දැනට ඒ අකාරයෙන් ලාදුරු මර්දන ව්‍යාපාරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුරු සංඛ්‍යාව දෙකේ සිට එක දක්වා අඩු කිරීමට ද කටයුතු කර ඇති බව ඔවුන් පවසනවා. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා හුදෙක්ම ද්වේශ සහගත සහ ඔහු නියෝජනය කරනු ලබන වෘත්තීය සංගම් අවශ්‍යතා පදනම් කරගෙන මෙසේ ක්‍රියාකරන බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රකාශකවරයෙකු චෝදනා කර සිටින්නේ. 

ආශ්‍රිත : මව්බිම


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu