gossiplanka alexa තොරතුර හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයට අළුත් බලාපොරොත්තුවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තොරතුර හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයට අළුත් බලාපොරොත්තුවක්

තොරතුර හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ  වැඩි රැකියා අවස්ථා තරුණ තරුණියන්ට ලබාදීම ඉලක්ක කරගනිමින් Lighting Digital Youth Boot Camp  නමින් නව වැඩපිළිවලක් ආරම්භ කර තිබෙනවා. ජාතික තරුණ සේවා සභාව සමඟ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන් එක්ව  මෙය ක්‍රියාවට නංවනවා. මෙම ඒකාබද්ධ වැඩසටහන මගින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයට තරුණ තරුණියන්  ඉක්මනින්ම යොමුකරගැනීමට සැලසුම් කර තිබෙනවා.

එමඟින් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණය වන පරිදි සංවිධානය කෙරෙන පුහුණු කදවුරු 170 වකින්  තරුණ තරුණියන් 34,000 කට මෙම අංශයේ රැකියා සදහා ඍජු අවස්ථා ලබාගැනීමට හැකියාව ලැබෙනවා. 

මේ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරිම ශ්‍රී ලංකා තොරතුරු  හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති  ඕෂද සේනානායක මහතා සහ ජාතික තරුණසේවා සභාවේ සභාපති හා  අධ්‍යක්ෂ ජනරාල් දමිත වික්‍රමසිංහ මහතා අතර පසුගියදා මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා.

Lighting Digital Youth Boot Camp “ ආරම්භක තරුණ කඳවුරු මගින්  තරුණ තරුණියන්ට  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළ පෙලේ වෘත්තිකයන් විසින් සැලසුම් සහගතව සම්පාදනය කළ, කඩිනම්  ඉලක්කගත වැඩසටහන් මාලාවක් මගින්  අවශ්‍ය කුසලතා වර්ධනය කරගැනීමට  අවස්ථාව උදා  වන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවෙදන තාක්ෂණ නියෝජිතායතනයේ කුසලතා සංවර්ධන අධ්‍යක්ෂ සමීර ජයවර්ධන මහතා පවසනවා. 

මෙම වැඩසටහන කණ්ඩායම්  තුනකින්  ක්‍රියාත්මක කරනු ලබනවා. පළමු කණ්ඩායම  යටතේ   තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ජාතික වෘත්තීය සහතික( NVQ)  පාඨමාලාවක් සදහා සුදුසුකම්ලත්  හෝ දැනට එවැනි පාඨමාලා  හදාරන කණ්ඩායම්  සදහා වන අතර දෙවැන්න  විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයින්  හා NVQ  5 මට්ටමේ පිරිස් සදහා ඉලක්ක කෙරෙනවා.  ඊට වැඩි සුදුසුකම් ඇති  තුන්වන කණ්ඩායම්  සඳහා ශ්‍රී ලංකා පරිගණක සංගමය (CSSL), බ්‍රිතාන්‍ය පරිගණක සංගමය ( BCS),  ,FITIS)  සහ SLAASCOM ඇතුළු සියලුම ප්‍රමුඛ පෙළේ තොරතුරු හා   සන්නිවේදන තාක්ෂණ  කර්මාන්ත සංගම්වල සහභාගීත්වයෙන්  ඉලක්කගත  පුහුණු සැසි රැසක් සංවිධානය කරනු ඇති. එමගින් මෙම  ක්ෂේත්‍රයේ වඩාත් ප්‍රතිලාභදායක වෘත්තියක් කරා යොමුවීමට  ඔවුන්ට  අවස්ථාව සැලසෙනවා. 






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu