gossiplanka alexa දහම් පාසැල් ගුරුවරුන්ට දීමනා ලබා දීමට මුදල් වෙන් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දහම් පාසැල් ගුරුවරුන්ට දීමනා ලබා දීමට මුදල් වෙන් කෙරේ

දහම් පාසැල් ගුරුභවතුන් සඳහා නිල ඇඳුම් සහ ගුරු දීමනා ලබා දීම සඳහා රුපියල් මිලියන 520ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර තිබෙනවා. මේ අනුව දහම් පාසැල් ගුරු දීමනාව ද නිල ඇඳුම් දීමනාව ද එකතු කර මුදල් වශයෙන් ගෙවීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇති බව සඳහන්.

එම තීරණයට අනුව 2023 වර්ෂයේ සිට දහම් පාසැල් ගුරුවරයෙකුට නිල ඇඳුම් වෙනුවෙන් රුපියල් 2500ක මුදලකුත් ගුරු දීමනාව වෙනුවෙන් රුපියල් 5000ක මුදලකුත් වශයෙන් රුපියල් 7500ක මුදලක් එකවර ලබා දීමට නියමිතයි. 

එසේම 2020 වර්ෂයේ ගුරු භවතුන් 93,000ක් සඳහා ලංකා සළුසල ආයතනයෙන් ඇණවුම් කර 2021 වර්ෂයේ ලබා දුන් නිල ඇඳුම් සාරි 40,000කට ආසන්න ප්‍රමාණයක් 2021 දහම් පාසැල් ආරම්භ නොකළ නිසා ඒවා නොබෙදා ගබඩා කර තිබෙන බැවින් සහ ඉතිරි නිල ඇඳුම් 53,000ක ප්‍රමාණය ද ලැබීමට නියමිත බැවින් 2022 වසරේ නිල ඇඳුම් බෙදා දීමට කටයුතු කරන බව අමාත්‍යාංශය පවසනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu