gossiplanka alexa ඩොලර් මිලියන හැත්තෑවට අධික සුඛෝපභෝගී හෝටලයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඩොලර් මිලියන හැත්තෑවට අධික සුඛෝපභෝගී හෝටලයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

දම්රෝ සමූහයට අයත් සමාගමක් වන ඩී.ආර් හෝම් ඇප්ලයන්සස් පුද්ගලික සමාගම, පියෙස්ට්‍රා ෆර්නිචර් පුද්ගලික සමාගම සහ ඩී.ආර් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම යන ආයතන එක්ව ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 70.4ක ආයෝජනයක් සහිතව කොළඹ 03 ප්‍රදේශයේ කාමර 652කින් යුත් සුඛෝපභෝගී නගර හෝටලයක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා. එම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ද අනුමැතිය හිමිව තිබෙනවා. 

ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක් වශයෙන් සලකා බැලීම සඳහා ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නිශ්චිතව දක්වා ඇති නියමිත ක්‍රියාවලිය ආරම්භ කිරීමටත්, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ප්‍රදානය කිරීමට නියමිත නිදහස් කිරීම්/සහනයන් නිශ්චිතව දක්වමින් 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනයේ 3(2) වගන්තිය යටතේ ගැසට් නිවේදනය පළ කිරීමටත් ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය වශයෙන් අගමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu