දෙහිවල බෝම්බ ප්‍රහාරයකින් පාසැල් සිසුන් දෙදෙනෙක් මරුට

අද (11) අලුයම දෙහිවල, සිරිසඟබෝ පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට  එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් පාසල් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවන්ගේ පියා මේ වන විට රෝහල්ගත කර ඇති අතර, මියගිය සිසුන්ගේ මෘත ශරීර කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ප්‍රහාරය සඳහා හේතුව හෝ සැකකරුවන් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දෙහිවල පොලිසිය පුළුල් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu