"නිල ඇඳුම් වැනි කරුණු වෙනුවෙන් නොසන්සුන්තාවයන් ඇති වීමට ඉඩ දෙන්නේ නැහැ" ජනපතිගෙන් උලමා සංවිධානයට සහතිකයක්

සංස්කෘතික අනන්යතාව නිසා කිසිදු ප්රජාවක බියක් හෝ අනාරක්ෂිතබුවක් ඇති නොවන පරිදි සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම රජයේ ප්රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇත්තේ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි. ජාතිවාදී ධාරාවන් සහ අභ්යන්තර ගැටුම් ඇති වීම වැළැක්වීම සැමගේ වගකීමක් වන අතර, ප්රජාතන්ත්රවාදී සමාජයක පාලකයන්ගේ තීරණ ප්රශ්න කිරීමට අයිතියක් තිබුණද ජාතීන් අතර වෛරය පැතිරවීමට කිසිවෙකුට අවසර නැති බව ජනාධිපතිවරයා මෙහි දී අවධාරණය කර තිබෙනවා.
පාස්කු ප්රහාරයට පෙර සහ පසු මුස්ලිම් ප්රජාව ඉලක්ක කර සිදුවූ ප්රචාර පිළිබඳ අවධානය යොමු වූ අතර, වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීමට සහ අදාළ තොරතුරු හෙළිදරව් කර ගැනීමට පූර්ණ සහය ලබා දෙන බව උලමා සංවිධානය අදහස් දක්වමින් කියා තිබෙනවා.
ඉස්ලාම් ආගමික ග්රන්ථ හා අධ්යාපන ගැටලු සඳහා ආරක්ෂක අංශ සමඟ එක්ව තාක්ෂණික ක්රමවේද ඔස්සේ විසඳුම් සෙවීමටත්, නිල ඇඳුම් වැනි පරිපාලනමය කරුණු මුල් කරගනිමින් නොසන්සුන්තාවන් ඇති වීම වැළැක්වීමටත් මෙහිදී එකඟතාව පළවී තිබෙනවා.
ව්යවස්ථාදායක සභාව ඇතුළු ජාතික මට්ටමේ පාලන ආයතන තුළ මුස්ලිම් ප්රජාව ඇතුළු සියලු ප්රජාවන්ට නිසි නියෝජනයක් ලබා දීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇති බවයි සඳහන් වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu