ශ්‍රී ලංකා රජයෙන් නේපාලයට ඩොලර් මිලියනයක ආධාරය නිල වශයෙන් ලබා දෙයි


නේපාලයේ භෝතේ කෝෂි නදිය ආශ්‍රිතව හටගත් ගංවතුර තත්ත්වයෙන් විපතට පත් රසුවා, නුවාකොට් සහ ඩාඩිං ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට සහයෝගය පළ කරමින් ශ්‍රී ලංකා රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය පරිත්‍යාගයක් නේපාලයට ප්‍රදානය කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත මෙම ආධාරය මම ආධාර මුදල් ලබා දී තිබෙනවා.  මෙම ආධාර මුදල් නේපාලයේ ශ්‍රී ලංකා තානාපති රුවන්ති දෙල්පිටිය මහත්මිය විසින්, කත්මණ්ඩු නුවර පිහිටි නේපාල විදේශ අමාත්‍යාංශයේදී එරට විදේශ අමාත්‍ය ශිෂිර් ඛනාල් මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කෙරුණා.

ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් මෙම ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත් වූවන්ගේ පවුල් වෙත තානාපතිවරිය සිය බලවත් ශෝකය ප්‍රකාශ කර තිබෙනවා. නේපාල රජය ක්‍රියාත්මක කරන මානුෂීය සහන සහ පුනරුත්ථාපන මෙහෙයුම් සඳහා මෙම මූල්‍ය ආධාරය යොදවන අතර, දුෂ්කර අවස්ථාවලදී නේපාලය සමඟ අත්වැල් බැඳගෙන සිටීමට ශ්‍රී ලංකාව නිරන්තරයෙන් සූදානම් බව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu