මන්නාරමේ තෙල්, ගෑස් කැණීම් ගැන කතෝලික රදගුරු සමුළුව අවධානයෙන්


මන්නාරම් දූපතේ සිදුවන වැලි කැණීම් ආදි පරිසර හානි පිළිබඳ තම සමුළුවේ අවධානය යොමවු ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව සඳහන් කරයි. 

පාරිසරික වශයෙන් හානිදායක මෙම ක්‍රියාකාරකම් හේතුවෙන් ජනතාව කලබලයට පත්ව ඇති අතර ඉන්ධන සහ ගෑස් ගවේෂණය සඳහා මන්නාරම් දූපත ආශ්‍රිත ප්‍රදේශයන්හී සිදුවන කැණීම් පිළිබඳවද තමන් වෙත තොරතුරු ලැබී ඇති බවද එම නිවේදනයේ දක්වා ඇත.  

මෙම ක්‍රියාකාරකම් ආර්ථික සංවර්ධනය සඳහා ධනාත්මක මුලපිරීමක් වුවද නිසි පාරිසරික තක්සේරුවක් සහ ජනතාව දැනුවත් කිරීමකින් යුතුව සිදුකිරීම වගකිවයුත්තන්ගේ යුතුකමක් බවද අදාල ප්‍රදේශයේ ජනතා මතය පිළිබඳ විමසා බැලිය යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත. එවැනි ක්‍රියාකාරකම් මඟින් මන්නාරම් දූපතේ ධීවර ප්‍රජාවගේ ජීවනෝපායට සහ ජල සම්පතට බලපෑමක්නොවිය යුතු බවද එම නිවේදනය මගින් කතෝලික රදගුරු සමුළුව පෙන්වා දී ඇත 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu