ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීඝ්රයෙන් ඉහළ යමින් පවතිනවා. ඒ ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුදමය නොසන්සුන්තාව තවදුරටත් උත්සන්න වීමත් සමඟයි.
අද (11) උදෑසන වන විට බ්රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 108 සීමාව ඉක්මවා ගොස් තිබුණා. ඊට සමගාමීව අමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (Wඨ්I) බොරතෙල් බැරලයක මිලද ඩොලර් 103 සීමාව ඉක්මවා ගොස් තිබෙන බවයි විදෙස් මාධ්ය කරන්නේ.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මේ අයුරින් ඉහළ යාමට හේතුව මැදපෙරදිග කලාපයේ ගැටුම් සහ ප්රධාන නාවික මාර්ග ඔස්සේ ඉන්ධන සැපයුම්වලට බාධා ඇතිවීමේ අවදානම බව විදෙස් වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙනවා.

