ප්‍රධාන පිළිකා රෝහලේ CT Simulation සේවාව ඇණහිටීම හේතුවෙන් පිළිකා රෝගීන් 1,000කට අධික පිරිසක් දැඩි ප්‍රතිකාර ප්‍රමාදයකට හා ජීවිත අවදානමකට මුහුණ දී සිටින බව වාර්තා වනවා.
විකිරණ ප්‍රතිකාර සැලසුම් කිරීම සඳහා අත්‍යාවශ්‍ය CT Simulation සේවාව පසුගිය අප්‍රේල් 28 වන දින සිට නිසි පරිදි ක්‍රියාත්මක වී නැති බවයි පැවසෙන්නේ.
රෝහලේ ඇති රේඛීය ත්වරණ (Linear Accelerator) යන්ත්‍ර 5 අතුරින් යන්ත්‍ර 2ක්ම අක්‍රිය වීම නිසා පොරොත්තු ලැයිස්තුව තවදුරටත් දීර්ඝ වී තිබෙනවා.
රේඛීය ත්වරණ (Linear Accelerator) යන්ත්‍ර මගින් ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා මෙම ක්‍රියාවලිය අත්‍යාවශ්‍ය වන්නේ, ඒ හරහා පිළිකා සෛල පවතින නිශ්චිත ක්ෂේත්‍රය වෙත පමණක් විකිරණ එල්ල කිරීමටත්, අවට ඇති නිරෝගී පටකවලට සිදුවන හානිය අවම කර ගැනීමටත් විශේෂඥ වෛද්‍යවරුන්ට හැකියාව ලැබෙන බැවින් නිසා CT Simulation වෙනුවට පෙට් ස්කෑන් (PET Scan) පරීක්ෂණ මත යැපීමට සිදුවීම ප්‍රශස්ත හෝ නිර්දේශිත විකල්පයක් නොවන බව වෛද්‍යවරු පෙන්වා දී තිබෙනවා.
ප්‍රතිකාර සැලසුම් සකස් කරගැනීමට නොහැකිව රෝගීන් 1,000කට වැඩි පිරිසක් දිගු පොරොත්තු ලැයිස්තුවක පසුවනවා. පෞද්ගලික අංශයෙන් මෙම සේවය ලබා ගැනීමට රුපියල් 500,000 සිට මිලියන 1.7 දක්වා අධික මුදලක් දැරීමට සිදුව ඇති බැවින්, සාමාන්‍ය පවුල්වලට එය දැරිය නොහැකි තත්ත්වයක්.
මෙම තත්ත්වය රෝගීන්ගේ ජීවිතවලට බරපතළ තර්ජනයක් වී ඇති බැවින්, රජයේ කඩිනම් අවධානය මේ වෙත යොමු විය යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කර සිටිනවා.
