අද දිනයේ බොහෝ ප්රදේශවල සවස් කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු මැද, මධ්යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.
එසේම බස්නාහිර පළාතේ සහ ගාල්ල මාතර දිස්ත්රික්කවල උදෑසන කාලයේ දී වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි පැවසෙන්නේ.

