එන්නතේ ප්‍රශ්නය විසඳලා එනකල් පිළිකා රෝගය බලන් ඉන්නේ නැහැ - පාරදෘශ්‍ය පරීක්ෂණයක් කර වැරදිකරුවන් හෙළිකරන්න

මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රජයේ රෝහල්වල ෆිල්ග්රැස්ටීම් එන්නතේ හිඟයක් පිළිබඳ වාර්තා විය. මෙම තත්ත්වය මත පිළිකා රෝගීන්ගේ කිමෝ ප්රතිකාර තාවකාලිකව නැවතී ඇති බවටද යම් යම් චෝදනා එල්ල විය.ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්රමිතීන්ට අනුකූලය පැවතිය යුතු ලේබල් නොමැති බැවින් මෙම එන්නත් තොගයක් වෛද්ය සැපයුම් අංශයෙන් ප්රතික්ෂේප වීම එම හිඟයට හේතු වී තිබේ. එම අධිකාරියේ සභාපති වෛද්ය ආනන්ද විජයවික්රම ඒ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ දැන් එවැනි හිඟයක් නොමැති බවත් රජයේ මෙන්ම පුද්ගලික අංශයෙ රෝහල් වලද ඖෂධය පවතින බවත්, ඖෂධය නොමැති රෝහල්වලට එය පුද්ගලික අංශයෙන් මිලදී ගැනීමට සෞඛ්ය අමාත්යාංශය අවසර දී ඇති බවත්ය. එම ඖෂධ අනායනය කළ සමාගම ලේබල් ඇලවීමට ඉල්ලීමක් කළද එවැනි අවස්ථාවක් කිසිසේත්ම ලබා නොදෙන බවද සභාපතිවරයා පැවසීය.

මේ ගැටලුව පිළිබඳ අදහස් දක්වමින් රජයේ වෛද්ය නිලධාරි සංගමය පැවැත්වු මාධ්යය හමුවකදි එහි සහකාර ලේකම් වෛද්ය හංසමාල් වීරසූරිය පැවසූවේ මේ ඖෂධය පිටින් ගන්න මීට වඩා ලොකු වියදමක් දරන්න වෙනවා. එන්නතක් සමහර විට 4000,5000,7000 විවිධාකර ගණන්වලට එළියෙ විකුණන්න තියෙනවා. එක වෙලාවකට එන්නත් දෙක තුනක් ගන්න සිද්ධවෙන අවස්ථා තියෙනවා. සමහරුන්ට රුපියල් 15,000 - 20,000 ඊටත් වඩා වියදම් වෙන රෝගින් ඉන්න පුළුවන්. අවසානයේදි ලෝකයේ තිබෙන හොඳම බෙහෙත් වුනත් රෝගියාට ලැබෙන්නේ නැත්නම් අපි පද්ධතියක් විදිහට ෆේල්. ඒ ජීවිත වලට වගකියන්නේ කවුද කියන එක ප්රශ්නයක්. කවදා හරි මේ එන්නත් හදලා කවදා හරි ප්රශ්නය විසදලා එනකන් පිළිකා රෝගය බලා ඉන්නේ නැ. අපි හිතමුකෝ ඇමැතිතුමා කියන විදිහට මේ ක්රියවලියෙ යම් ගැටලුවක් තිබ්බා. එතකොට සෞඛ්ය අමාත්යාශයේ වගකීම තමයි අපි කියනවා අපේ ප්ලැන් ඒ එක වරදිනවනම් ප්ලැන් බී එකක් තියෙන්න ඕනි. 

මේ එන්නත විතරක් නෙවෙයි තවත් ඖෂධ වලත් අඩුපාඩු තිබෙන බව දකින්නට ලැබෙන බවත්, ප්රසම්පාදන ක්රියාවලියේ යම් ගැටලුවක් තිබෙනම් සෞඛ්ය අමාත්යවරයා, සෞඛ්ය බලධාරීන්ගේ හා රජයේ වගකීම මේ පිළිබඳ පාරදෘශ්ය පරීක්ෂණයක් සිදුකර මේ පිටුපස සිටන වැරදි කරුවන් සොයාගෙන රටට හෙළිකර ඔවුන්ට විරුද්ධව ක්රියාමාර්ග ගැනීම බවද සහකාර ලේකම්වරයා පැවැසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu