ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට එරට තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය තත්ත්වය පිළිබඳව අවබෝධ කර ගනිමින් සුපරීක්ෂාකාරීව සිටින ලෙසයි එහිදී ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.
එළිමහනේ ගැවසීමේ දී තමන්ගේ ලෙබනන් හැඳුනුම්පත හෝ ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක් ලග තබා ගැනීම සිදුකරන ලෙසත් හදිසි අවශ්‍යතාවත් ඇති වුවහොත් 009 61- 81 549 162 හෝ 009 61- 81 363 894 යන අංක අමතා තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතින බවත් තානාපති කාර්යාලය විසින් දන්වා තිබෙනවා.
මේ අතර ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවීම තාවකාලිකව නවතා දමන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසා තිබෙනවා. ඒ මැදපෙරදිග කලාපයේ ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන්.