සිරි දළද වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා කේතයක් හඳුන්වා දී තිබෙනවා.
සනීපාරක්ෂක පහසුකම් ඇති ස්ථාන, දන්සැල්, යාවත්කාලින වන නිවේදන, ප්‍රථමාධාර සේවා ඇතුලු අනෙකුත් පහසුකම් මෙම කේතය උපයෝගී කරගනිමි මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබා ගැනීම සඳහා එම කේත ඇතුළත් පුවරු මාළිගා පරිශ්‍රය තුළ ස්ථාපිත කර ඇති බවයි පැවසෙන්නේ.
මීට අමතරව ඊයේ (21) දිනයේ සිට සිරි දළදා වන්දනාව සඳහා ලබා දී තිබූ කාලය තවත් පැයකින් දීර්ඝ කර තිබෙන අතර ඒ අනුව පෙරවරු 11.00සිට පස්වරු 5.30 දක්වා දළදා වහන්සේ ප්‍රදර්ශන කාලය දීර්ඝ කර තිබෙනවා.