ආනයනික වාහනවල මිල සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අදහස


වා
හන වෙළඳපළ පෙබරවාරි මාසයේ දී යළි විවෘත කිරීමට නියමිතව තිබෙනවා. එසේ විවෘත කිරීමෙන් පසු වාහන මිල ඉහළ යනු ඇති බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත්තේ. 

කෙසේ වෙතත් මෙවර වාහන ආනයනයේ දී වාහන තීරු බදු සහන බලපත්‍ර සඳහා අවසර ලබා නොදෙන බවයි ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ. 

එසේම මෙරට තුළ දැනට පවතින දෙවන පෙළ වාහන සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා එම වාහන මිල සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බවත් ගෙන්වන වාහන මිල විශාල ලෙස අඩු වුවහොත් හෝ පරතරය අඩුවුවහොත් බැංකු පද්ධතිය ඇතුළු මූල්‍ය ආයතන විශාල අර්බුදයකට පත්වනු ඇති බවයි පෙන්වා දී ඇත්තේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu