gossiplanka alexa වෘත්තීය සමිති ද අරගලය පටන් ගනී, රාජ්‍ය සේවකයින් වැඩ වර්ජනයේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වෘත්තීය සමිති ද අරගලය පටන් ගනී, රාජ්‍ය සේවකයින් වැඩ වර්ජනයේ

පවතින රජයට විරෝධය දක්වමින් ප්‍රධාන වෘත්තීය සමිති දහයක් අද (08) සවස ලිප්ටන් වටරවුමේ දී උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඛනිජ තෙල් පොදු සේවක සංගමය, වරාය පොදු සේවක සංගමය, විදුලිබල පොදු සේවක සංගමය, ලංකා බැංකු සේවක සංගමය, ටෙලිකොම් ආයතනයේ සියලුම වෘත්තීය සමිති, ගුරු විදුහල්පති සියලු වෘත්තීය සමිති ඇතුළුව වෘත්තීය සමිති 10ක් මෙම උද්ඝෝෂණයට එක්වන බව පැවසෙනවා. 

පළාත් මට්ටමින් ද මීට සමගාමීව සියලුම රාජ්‍ය සේවකයන් ප්‍රධාන නගරවලදී අද උදෑසන සිය විරෝධතාවය දැක්වීමට උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා. 

මීට අමතරව අද දින පැවැත්වෙන දීප ව්‍යාප්ත වැඩ වර්ජනයට සහ උද්ඝෝෂණ මාලාවට ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය නියෝජනය කරන සියලුම රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ වන බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය පවසනවා. රජයේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු නොවුනහොත් ඉදිරියේ දී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බවයි එම සංගමය වැඩි දුරටත් කියා සිටින්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu