gossiplanka alexa ඉන්ධන ප්‍රවාහනයට වාර්තා කරන ලෙස සේවකයන්ට දැනුම් දෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්ධන ප්‍රවාහනයට වාර්තා කරන ලෙස සේවකයන්ට දැනුම් දෙයි

ඉන්ධන ප්‍රවාහනය කටයුතු සඳහා යුද සහ ගුවන් හමුදා ආරක්ෂාව ලබා දීමට රජය විසින් තීරණය කිරීමත් සමඟම අද (21) සිට සේවයට වාර්තා කරන්නැයි ටැංකි රථ හිමියන්ට දැනුම්දී ඇති බව ලංකා ඛණිජතෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමය පවසනවා. 

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟම රට තුළ ඇති වූ විරෝධතාවයන් හේතුවෙන් ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලින් ඉවත් වීමට ඉන්ධන පිරවුම් හල් සේවකයින්ගේ සංගමය තීරණය කර තිබුණා. 

මේ අතර සමස්ථ ලංකා ඒකාබද්ධ බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය ද ආනයන, අපනයන බහාලුම් ප්‍රවාහනය කෙරෙන රථවලට ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය මත බහාලුම් ප්‍රවාහන රථවලට හානි සිදුවුවහොත් එමඟින් ගැටළුවලට මුහුණ දීමට සිදුවන බවත් අපනයන කෙරෙන බහාලුම් ප්‍රවාහනයේදී සිදුවන ප්‍රමාදවීම් හේතුවෙන් ප්‍රමාද ගාස්තුද ගෙවීමට සිදුවන බවත් එම සංගමය පෙන්වා දී ඇති බව සඳහන්. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu