gossiplanka alexa මියගිය ලක්ෂාන්ගේ දියණිය පියා වෙනුවෙන් සාධාරණය ඉල්ලයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මියගිය ලක්ෂාන්ගේ දියණිය පියා වෙනුවෙන් සාධාරණය ඉල්ලයි

රඹුක්කන පොලිස් වෙඩි තැබීමෙන් මියගිය චමින්ද ලක්ෂාන් මහතාගේ දියණිය මාධ්‍යය වෙත ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. ඇය එහිදී පවසා ඇත්තේ තමන්ට මුදල් අවශ්‍ය නොවන බවත් පියාගේ ඝාතනයට සම්බන්ධයෙන් සාධාරණය පමණක් අවශ්‍ය බවත් ය. 

"තාත්තා අපිට දවල් කියලා ගියේ ෂෙඩ් එකට පෙට්‍රල් ගහන්න යනවා කියලා. හවස බයික් එක ගන්න යද්දී තමා වෙඩි තියලා තියෙන්නේ. තනියම ඉඳිද්දී තමයි වෙඩි තියලා තියෙන්නේ. එක මාමා කෙනෙක් දැකලත් තියෙනවා. මට මේකට සාධාරණයක් ඕනේ. මට සල්ලි මිල මුදල් එපා මට මගේ තාත්තා වෙනුවෙන් පුංචි හරි සාධාරණයක් ඕනේ. මම හැමතිස්සෙම තාත්තට කෝල් කරනවා. එතකොට කියනවා එයා කොහෙද ඉන්නේ කියලා. පස්සේ මම කෝල් ගත්තා ඒත් ඉස්සුවේ නෑ. පස්සේ තමයි කෑගල්ලේ ඉන්නවා කියලා දැනගෙන මම ගියේ. එතකොටත් තාත්තා නැතිවෙලා ඉඳලා තියෙන්නේ. මේ කිසිදේකට තාත්තා සම්බන්ධ නෑ. මොකද තාත්තා යන්නේ නෑ. නිකන් නිස්කාරණේ මගේ තාත්තව නැති කළේ. මට මේකට සාධාරණයක් ඕනේ. මගේ තාත්තගේ ජීවිතය නැතිකළා." ඇය පවසා තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu